ප්‍රාදේශීය සභා ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන

"ප්‍රාදේශීය සභා නඩත්තු ඒකක මඟින් ප්‍රජා යටිතල පහසුකම් නඩත්තු කිරීම සඳහා සෑම ප්‍රාදේශීය සභාවකටම මසකට රු. 1,000,000.00 බැගින්ලබාදීම."

අරමුණ ප්‍රමාණවත් ආදායම් මාර්ග නොමැතිවීම නිසා ප්‍රජා යටිතල පහසුකම් වැඩි දියුණු වී නොමැති ප්‍රාදේශීය සභාවල එම පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සහ එමඟින් ජනතාවට ලබාදෙන සේවාවන්වල ගුණාත්මකභාවය හා ඵලදායීබව ඉහළ නැංවීම
ප්‍රධාන ක්‍රියාකාරකම් ප්‍රජා යටිතල පහසුකම් නඩත්තු කිරීම, අලූ‍ත්වැඩියාව සහ පුනරුත්ථාපනය කිරීම
ක්‍රියාත්මක ප්‍රදේශය දිවයිනේ සියලූ‍ම ප්‍රාදේශීය සභා (271)

පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් නඟාසිටුවීමේ ප්‍රාග්ධන වැඩසටහන

අරමුණ පළාත් පාලන ආයතනවල ප්‍රජා යටිතල පහසුකම් අලූ‍තින් ඉදිකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමත් එමගින්, පළාත් පාලන ආයතන වෙතින් මහජනතාවට සැපයෙන සේවාවන්වල ගුණාත්මකභාවය හා ඵලදායීබව ඉහළ නැංවීම.
ප්‍රධාන ක්‍රියාකාරකම් පළාත් පාලන ආයතන බලප්‍රදේශවල කාණු පද්ධති, අතුරුපාරවල්, දිනපොළ / සතිපොළ, පොදු වැසිකිළි පහසුකම්, ප්‍රජා ජල ව්‍යාපෘති,සංචාරක ආකර්ෂණ‍ය ස්ථාන වැනි අත්‍යවශ්‍ය ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
ක්‍රියාත්මක ප්‍රදේශය සියලූ‍ම පළාත් පාලන ආයතන (335)

නාගරීකරණයත් සමඟ ඉහළ යන මහජන අවශ්‍යතාවලට සරිලන පරිදි පළාත් පාලන ආයතන බලප්‍රදේශවල අත්‍යවශ්‍ය ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධනය නොවීම හේතු කොටගෙන එම ප්‍රදේශවල ජීවත් වන මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවේ. මේ තත්ත්වයට පිළියමක් ලෙස පළාත් පාලන ආයතනවල ප්‍රජා යටිතල පහසුකම් අලූ‍තින් ඉදිකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම මගින්, පළාත් පාලන ආයතන තුළින් මහජනතාවට ලබාදෙන සේවාවන්වල ගුණාත්මකභාවය හා ඵලදායීබව ඉහළ නැංවීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති ක්ෂේත්‍ර පහත දැක්වේ.

  • පහසු මධ්‍යස්ථාන ඉදිකිරීම
  • කාණු පද්ධති හා මලාපවහන පද්ධති ඉදිකිරීම
  • අතුරු පාරවල් සංවර්ධනය කිරීම
  • නව ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  • සංචාරක ආකර්ෂŒය ස්ථාන වැඩිදියුණු කිරීම
  • තාවකාලික ආලෝක සංඥා පද්ධති සවිකිරීම
  • දිනපොළ / සතිපොළ ඉදිකිරීම

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා හානි සිදු වූ පළාත් පාලන ආයතනවලට අයත් මාර්ග සංවර්ධනය කිරීම

2016 වර්ෂයේ මැයි මාසයේ පැවති අධික වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් විශාල හානි සිදු වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය මූලික කරගෙන කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් ගන්නා ලද තීරණය පරිදි ආපදා හානි සිදු වූ පළාත් පාලන ආයතන සතු මාර්ග සංවර්ධනය සඳහා මෙම අමාත්‍යාංශයේ දායකත්වය ලබාදීමට සිදු විය.

මෙහිදී කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් හඳුනාගැනුණු ආපදා හානි සිදු වූ පළාත් පාලන ආයතනවලට අයත් මාර්ග සංවර්ධනය සඳහා ප්‍රම්‍රඛතාව දෙමින් මෙම වැඩසටහන යටතේ ලබාදෙන උපරිම ප්‍රතිපාදන සීමාව නොසලකා ප්‍රතිපාදන ලබාදීමට අමාත්‍යාංශය විසින් විශේෂ තීරණයක් ගනු ලැබි. ඒ අනුව ඔක්තෝම්බර් මස 30 වන විට පළාත් පාලන ආයතන මාර්ග 158.ක් සඳහා රු.මි.91.11 ක් අනුමත කර ඇත.

පළාත් පාලන ආයතන සතු පුස්තකාල සංවර්ධන වැඩසටහන - පුස්තකාල ස්වයංක්‍රීයකරණය කිරීම (විද්‍යුත් පුස්තකාල)

අරමුණ -
ප්‍රධාන ක්‍රියාකාරකම් තෝරාගත් පුස්තකාල සඳහා අවශ්‍ය කරන සම්පත් දෘඩාංග, මෘදුකාංග සහ පුහුණුව ලබාදීමට කටයුතු කරනු ලැබේ.
ක්‍රියාත්මක ප්‍රදේශය සියලූ‍ම දිස්ත්‍රික්ක
ක්‍රියාත්මක කිරීමේ සහාය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, උතුරු නැගෙනහිර පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

පුස්තකාල ස්වයංක්‍රීයකරණය

2016 වර්ෂය සඳහා වෙන් කෙරුණු රු.මි. 20.0න් අවිච්ඡේද ගෙවීම් සිදු කොට ඉතිරි වූ රු.මි. 18.3ක ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් දිවයිනේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන පුස්තකාල අතුරින් තෝරාගැනෙන පුස්තකාල 22ක් විද්‍යුත් පුස්තකාල බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු. මේ සඳහා පුස්තකාල සේවා මණ්ඩලය හා විවෘත විශ්වවිද්‍යාලය යන ක්ෂේත්‍රයේ පළපුරුදු රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේදී පුස්තකාල ස්වයංක්‍රීයකරණ ක්‍රියාවලියේ වැදගත්කම අවබෝධ වීම නිසා ඒ සම්බන්ධ ප්‍රවීණ විවෘත විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගෙන එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරි. පෙර සැලසුම් කළ විද්‍යුත් පුස්තකාල ක්‍රමය හුදෙක් පරිගණක උපාංග˜‍ කාර්යාලයීය ලී බඩු˜‍ උපකරණ හා සංයුක්ත තැටි ආදිය ලබාදීමේ සරල සංකල්පයක් පදනම් වූව ද පුසතකල ස්වයංක්‍රීයකරණය නවීන තාක්ෂණය සමග වඩාත් ඉදිරියට ගිය වැඩසටහනක් නිසා එහි ඵලදායකත්වය ඉහළ ය.

මේ යටතේ සම්පූර්ණ ස්වයංක්‍රීයකරණය කෙරෙන මහජන පුස්තකාල සංඛ්‍යාව 30ක් වන අතර තවත් පුස්තකාල 10ක් අර්ධ ස්වයංක්‍රීයකරණය සඳහා තෝරා ගැනේ.

මේ වන විට විවෘත විශ්වවිද්‍යාලය විසින් එම තෝරාගත් පුස්තකාල පිළිබඳ අගැයීමක් සිදු කර අවශ්‍ය පරිගණක හා තාක්ෂ‚ක උපකරණ ලබා දී ඇත. තවද, මෙම වැඩසටහනට අදාළ පුහුණු හා ස්ථාපන කටයුතු සඳහා උතුරු නැගෙනහිර පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (නෙල්සිප්) විසින් 2017 වසරේදී මූල්‍ය දායකත්වය ලබා දීමට කටයුතු කෙරේ.

පල්ලෙපොළ නගර සංවර්ධන වැඩසටහන

අරමුණ කාර්යක්ෂම සහ ඵලදායී පළාත් පාලන සේවාවක් සඳහා පල්ලෙපොල නගරය ආදර්ශමත් නගරයක් වශයෙන් සංවර්ධනය කිරීම
ප්‍රධාන ක්‍රියාකාරකම් බහුකාර්ය ගොඩනැගිලි ඉදිකිරීම - අදියර 2
ක්‍රියාත්මක ප්‍රදේශය පල්ලෙපොළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
ක්‍රියාත්මක කිරීමේ සහාය
  • නාගරික සංවර්ධන අධිකාරිය
  • ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව
  • ගොඩනැගිලි දෙපාර්තමේන්තුව

පල්ලෙපොල නගර සංවර්ධන වැඩසටහන යටතේ පල්ලෙපොල වෙළෙඳ සංකීර්ණය හා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම (ඉතිරි වැඩ), සමස්ත නගර සැලැස්මට සම්බන්ධ කොට විධිමත් සැලසුම් සහිතව ක්‍රියාත්මක කෙරේ. ඉතා සීඝ්‍රයෙන් නාගරීකරණය වන නගරයක් වුව ද මහජන සේවා පහසුකම් සැලසීමට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් ලෙස සම්පාදනය නොමැති තතත්වයක් තුළ එම පහසුකම්වලින් සමන්විත කුඩා හා මධ්‍යම පරිමාණ නගරයක් ලෙස සංවර්ධනය වීම පල්ලෙපොල නගර සංවර්ධනයෙන් අපේක්ෂිත ප්‍රධානතම ප්‍රතිඵලයයි. ඒ අනුව නගරාලංකාරයට මෙන් ම එක් වහලක් යට විවිධ අවශ්‍යතා සපුරාගත හැකි මධ්‍යස්ථානයක් ලෙස මෙම බහුකාර්ය ගොඩනැගිල්ල වැදගත් වේ.

බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ 1 අදියර 2015 දී නිම කෙරුණු අතර එහි දෙවන අදියර 2016 වර්ෂයේ නිම කිරීමට සැලසුම් කෙරිණි. ඒ අනුව පළමු හා දෙවන මහලේ ඇතුළත බිම ටයිල් ඇතිරීම, බිත්ති කපරාරු කිරීම, තීන්ත ආලේපනය, දොර ජනෙල් සවිකිරීම, සනීපාරක්ෂක පහසුකම්, ජලය හා විදුලි පහසුකම් සැපයීම යන කාර්යයන් මේ වර්ෂයේ සිදු කෙරිණි.

උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතනවල නව කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩසටහන

අරමුණ උතුරු හා නැගෙනහිර පළාත්වල ගොඩනැගිලි පහසුකම් අවම පළාත් පාලන ආයතනවල කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම මගින් එම ආයතනවලින් මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවා සැපයීමට හැකියාව ලබාදීම.
ප්‍රධාන ක්‍රියාකාරකම් පළාත් පාලන ආයතනවල නව කාර්යාල ඉදිකිරීම
ක්‍රියාත්මක ප්‍රදේශය උතුරු හා නැගෙනහිර පළාත්