මෙහෙවර හා දායකත්වය

ජනතා අභිලාෂයන් සඵල කරවන අන්දමේ කාර්යක්ෂම හා ඵලදායි පළාත් සභා ක්‍රමයක් තහවුරු කිරීම සහ විමධ්‍යගත පාලන ව්‍යුහය සවිමත් කිරීම සඳහා පළාත් සභාවල ක්‍රියාකාරිත්වයට පහසුකම් සැලසීම, මධ්‍යම රජය හා පළාත් සභා අතර සම්බන්ධීකරණය හා පළාත් සභාවල මානව සම්පත් සංවර්ධනය මගින් ඵලදායී හා කාර්යක්ෂම පළාත් සභා ක්‍රමයක් ඇති කිරීම.

Objective

To bring about an effective and efficient Provincial Council administrative system through facilitating the Provincial Council operations, well coordination between the central government and the Provincial Councils.

Strategies

  • Ensuring the utility of available human resources in each province for overall socio- economic development process of the country.
  • To ensure efficient and effective Provincial and Local Government Administrative System through human resources development and upgrading the Las on scientific basis.

provincial council

 

පළාත් සභා ක්‍රියාත්මක වීම සම්බන්ධ හැදින්වීමක්

1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේදී ගෙන එන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 1987 අංක 42 දරන පළාත් සභා පනත සම්මත කර එමඟින් සකසන ලද විධිවිධාන යටතේ පළාත් සභා පිහිටුවීම ආරම්භ විය. ඒකීය ව්‍යවස්ථාවක් යටතේ පළාත් සභාවලට බලය පැවරීම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වී ඇත. එම පවරන ලද බලතල පළත් සභා ලේඛණයට ද සමගාමී ලේඛණයට ද ඇතුලත්ව ඇත. සෙසු සියලු බලතල සංවෘත ලේඛණයක් මඟින් මධ්‍යම ආණ්ඩුවට වෙන් කර ඇත. සමගාමී ලේඛණයට ඇතුළත්ව ඇති විෂයයන් සම්බන්ධයෙන් එක් එක් පළාත් සභාවට මෙන්ම මධ්‍යම රජයට ද ප්‍රඥප්ති හෝ ව්‍යවස්ථා පැනවීමේ හැකියාව ඇති බව 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වේ. මේ අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ ලංකාවේ සෑම පළාතකම එක් පළාත් සභාවක් බැගින් පිහිටු වීමටත් ප්‍රතිපාදන සලසන ලදී. තවද ව්‍යවස්ථාවේ 154 අ (1) ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයේ පලකරනු ලබන නියමයන් මඟින් නියම කරනු ලබන දින හෝ දිනවල සිට ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වන උපලේඛණයේ පරිශිෂ්ඨිතව සඳහන් සෑම පළාතක් සඳහාම පළාත් සභාවක් පිහිටුවනු ලබන බව සඳහන් කර ඇත. එම ලේඛණයේ සඳහන් පරිදි පහත සඳහන් පළාත් සඳහා පළාත් සභා පිහිටුවිය යුතුය. 

1. බස්නාහිර පළාත
2. වයඹ පළාත
3. ඌව පළාත
4. සබරගමුව පළාත
5. මධ්‍යම පළාත
6. නැගෙනහිර පළාත
7. දකුණු පළාත
8. උතුරු මැද පළාත
9. උතුරු පළාත

එම පළාත් සභා පිහිටුවීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව, පළාත් සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව, අදාළ පළාතේ භූමි ප්‍රමාණය හා ජනගහනය සැලකිල්ලට ගෙන පළාත් සභාවක් ස්ථාපනය කළ යුතු බව සඳහන් කර ඇති අතර, එහි විධිවිධාන වලට අනුකූලව ජනාධිපතිවරයා විසින් 1988 – 02 – 05 වන දින ප්‍රසිද්ධ කරන ලද අංක 491/10 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් 1988 පෙබරවාරි මස 03 වන දින සිට පළාත් සභා ක්‍රියාත්මක වන බවත් 1988 - 03 -31 වන දින අංක 499/10 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් එක් එක් පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ගණන ද, පළාත් සභාවට ඇතුළත් වන මැතිවරණ කොට්ඨාශ ගණන ද තීරණය කර ඇත.
පළාත් සභාවට ආණ්ඩුකාරවරයෙක්, ප්‍රධාන අමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයකින් හා තෝරාගත් මන්ත්‍රී සංඛ්‍යාවකගෙන් සමන්විත වේ. අමාත්‍ය මණ්ඩලය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලුව අමාත්‍යවරු උපරිම පස්දෙනෙකුගෙන් සමන්විත විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ඉ) (1) හි දැක්වේ. ආණ්ඩුකාරවරයා පළාත් සභාවේ විධායකය වන අතර, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා පත් කළ යුතු බව 154 (ආ) හි සඳහන් වේ.
1988.02.03 දින හා 491/17 දරන ගැසට් පත්‍රයේ පල කර ඇති පරිදි පහත සඳහන් ලෙස නම් කරන ලද පළාත් සභා සඳහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ද පහත දැක්වෙන අයුරින් නියම කර ඇත.

 

අනු අංකය පළාත දිස්ත්‍රික්ක සංඛ්‍යාව එකතුව
01 බස්නාහිර පළාත් සභාව කොළඹ 49    02    104   
ගම්පහ 39
කළුතර 20
02 වයඹ පළාත් සභාව කුරුණෑගල 34 02 52
පුත්තලම 16
03 ඌව පළාත් සභාව මොනරාගල 14 02 34
බදුල්ල 18
04 සබරගමුව පළාත් සභාව කෑගල්ල 18 02 44
රත්නපුර 24
05 මධ්‍යම පළාත් සභාව මහනුවර 30 02 58
නුවරඑළිය 16
මාතලේ 10
06 නැගෙනහිර පළාත් සභාව අම්පාර 14 02 37
මඩකලපුව 11
ත්‍රිකුණාමලය 10
07 දකුණු පළාත් සභාව ගාල්ල 22 02 55
මාතර 17
හම්බන්තොට 14
08 උතුරු මැද පළාත් සභාව අනුරාධපුර 21 02 33
පොළොන්නරුව 10
09 උතුරු පළාත් සභාව මුලතිව් 05 02 38
වව්නියා 06
මන්නාරම 05
කිළිනොච්චි 04
යාපනය 16
එකතුව 455

 

වගකීම් සහ කාර්යයන්

1.  1964 අංක 28 දරන ඉඩම් අත්පත් කර ගැනීම් පනතේ විධිවිධාන අනුව ඉඩම් අත්පත්කර ගැනීමට පළාත් සභාවන්ට හා පළාත් පාලන ආයතන වලට අවශ්‍ය කටයුතු සිදු කිරිම. 

         Land Acquisitions Check List.pdf

2.  රා.පරි.ච.ලේ.06/2006 අනුව පළාත් රාජ්‍ය සේවයට අදාළ තනතුරු සඳහා සේවා ව්‍යස්ථා සම්පාදනය කිරීම.

3.  පළාත් සභා ධූරධාරීන් හා නිලධාරීන් සම්බන්ධ කරගත හැකි තොරතුරු කාර්තුමය වශයෙන් යාවත්කාලීන කිරීම

4.  පළාත් සභාවන්ට හා පළාත් පාලන ආයතනයන්ට අදාල අමාත්‍ය මණ්ඩල සංදේශ සැකසීම සහ නීරික්ෂණ ඉදිරිපත් කිරීම

5.  පළාත් සභාවන්ට අදාල පාර්ලිමේන්තු ප්‍රශ්න සඳහා පිළිතුරු සකස් කිරීම

6.  පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරකසභාව වෙතින් ලැබෙන පෙත්සම් සඳහා පිළිතුරු ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.

7.  පළාත් සභා සඳහා වාහන මිලදීගැනීම සහ දීප ව්‍යාප්ත සේවයේ විශ්‍රාමික නිලධාරීන් වෙත තීරු බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.

  •  රා.පරි.ච.ලේ.22/99 ට අදාළ නිර්දේශ ලබාදීම 

                 22_99(xxxv)(s).pdf 

                 22-99 Check list.pdf

  •  ජාතික අයවැය චක්‍රලේඛ අංක 1/2016 අනුව පළාත් සභා සඳහා වාහන මිලදී ගැනීම

8.   පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා නව තනතුරු ඇති කීරිම සඳහා සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම

9.   පළාත් සභාවන් සහ පළාත් පාලන ආයතන වලට අනුයුක්තව කටයුතු කරන විදේශීය ස්වේච්ඡා සේවකයින් සඳහා වීසා ලබාදීම/ කාලය දීර්ඝ කිරීම

10. මාස දෙකකට වරක් පළාත් ප්‍රධාන ලේකම් සමුළුව පැවැත්වීම

11. පළාත් සභා ධූරධාරීන්ගේ වරප්‍රසාද දීමනා හා පහසුකම් සම්බන්ධව අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම

12. පළාත් සභා හා පළාත් පාලන ආයතන වල දේශපාලන හේතූන් මත විවිධ ගැටලුවලට මුහුණදුන් අයට සහන සැලසීම සම්බන්ධව අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම

13. පළාත් සභාවලට අදාලව යොමුවන මහජන පැමිණිලි හා පෙත්සම් සඳහා පිළිතුරු සැපයීම.

 

1987 සිට මේ දක්වා පළාත් සභාවන් ක්‍රියාත්මක වී ඇති කාලසිමාවන්

පළමු පළාත් සභාව

අනු අංකය

පළාත් සභාව මැතිවරණ පැවැත් වූ දිනය පළමු රැස්වීම පැවැත්වූ දිනය

නිල කාලය අවසන් විය යුතු දිනය

01 වයඹ පළාත් සභාව 1988.04.28 1988.05.12  
02 උතුරු මැද පළාත් සභාව 1988.04.28 1988.05.23  
03 ඌව පළාත් සභාව 1988.04.28 1988.05.12  
04 සබරගමුව පළාත් සභාව 1988.04.28 1988.05.12  
05 බස්නාහිර පළාත් සභාව 1988.06.02 1988.06.22  
06 මධ්‍යම පළාත් සභාව 1988.06.02 1988.07.14  
07 දකුණු පළාත් සභාව 1988.06.09    
08 උතුරු - නැගෙනහිර පළාත් සභාව නිතරඟයෙන්    
 දෙවන පළාත් සභාව

අනු අංකය

පළාත් සභාව මැතිවරණ පැවැත් වූ දිනය පළමු රැස්වීම පැවැත්වූ දිනය

නිල කාලය අවසන් විය යුතු දිනය

01 වයඹ පළාත් සභාව 1993.05.17 1993.11.11  
02 උතුරු මැද පළාත් සභාව 1993.05.17 1993.06.14  
03 ඌව පළාත් සභාව 1993.05.17 1993.06.07  
04 සබරගමුව පළාත් සභාව 1993.05.17 1993.06.22  
05 බස්නාහිර පළාත් සභාව 1993.05.17 1993.06.18  
06 මධ්‍යම පළාත් සභාව 1993.05.17 1993.06.10  
07 දකුණු පළාත් සභාව 1988.06.09    
08 උතුරු - නැගෙනහිර පළාත් සභාව මැතිවරණයක් පවත්වා නැත    
 තෙවන පළාත් සභාව

අනු අංකය

පළාත් සභාව මැතිවරණ පැවැත් වූ දිනය පළමු රැස්වීම පැවැත්වූ දිනය

නිල කාලය අවසන් විය යුතු දිනය

01 වයඹ පළාත් සභාව 1999.01.25 1999.02.09 2004.02.09
02 උතුරු මැද පළාත් සභාව 1999.04.06 1999.05.06 2004.05.06
03 ඌව පළාත් සභාව 1999.04.06 1999.04.26 2004.04.26
04 සබරගමුව පළාත් සභාව 1999.04.06 1999.05.04 2004.05.04
05 බස්නාහිර පළාත් සභාව 1999.04.06 1999.05.05 2004.05.05
06 මධ්‍යම පළාත් සභාව 1999.04.06 1999.04.26 2004.04.26
07 දකුණු පළාත් සභාව (හතරවන පළාත් සභාව) 1999.06.10 1999.07.08  
08 උතුරු - නැගෙනහිර පළාත් සභාව මැතිවරණයක් පවත්වා නැත    
දකුණු පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු නිසා ඇතිවූ සිද්ධියකින් පසුව පළාත් සභාව විසුරුවා හැර නැවතත් 1994.03.24 වන දින දකුණු පළාත සඳහා මැතිවරණයක් පවත්වන ලදී. එබැවින් 1994.03.24 වන දින දකුණු පළාත සඳහා පවත්වන ලද්දේ තුන්වන පළාත් සභාවයි.

හතරවන පළාත් සභාව

අනු අංකය

පළාත් සභාව මැතිවරණ පැවැත් වූ දිනය පළමු රැස්වීම පැවැත්වූ දිනය

නිල කාලය අවසන් විය යුතු දිනය

01 වයඹ පළාත් සභාව 2004.04.24 2004.05.18 2009.05.18
02 උතුරු මැද පළාත් සභාව 2004.07.10 2004.08.11 2009.08.11
03 ඌව පළාත් සභාව 2004.07.10 2004.08.05 2009.08.05
04 සබරගමුව පළාත් සභාව 2004.07.10 2004.08.09 2009.08.09
05 බස්නාහිර පළාත් සභාව 2004.07.10 2004.08.04 2009.04.04
06 මධ්‍යම පළාත් සභාව 2004.07.10 2004.08.05 2009.08.05
07 දකුණු පළාත් සභාව (පස්වන පළාත් සභාව) 2004.07.10 2004.09.03 2009.09.03
08 උතුරු - නැගෙනහිර පළාත් සභාව (පළමු පළාත් සභාව) 2008.05.10 2008.06.04 2013.06.04
පස්වන පළාත් සභාව

අනු අංකය

පළාත් සභාව

මැතිවරණ පැවැත් වූ දිනය පළමු රැස්වීම පැවැත්වූ දිනය

නිල කාලය අවසන් විය යුතු දිනය

01 වයඹ පළාත් සභාව 2009.02.14 2009.03.12 2014.03.12
02 උතුරු මැද පළාත් සභාව 2008.08.23 2008.09.18 2013.09.18
03 ඌව පළාත් සභාව 2009.08.08 2009.09.10 2014.09.10
04 සබරගමුව පළාත් සභාව 2008.08.23 2008.09.18 2013.09.18
05 බස්නාහිර පළාත් සභාව 2009.04.25 2009.05.28 2014.05.28
06 මධ්‍යම පළාත් සභාව 2009.02.14 2009.03.04 2014.03.04
07 දකුණු පළාත් සභාව (හයවන පළාත් සභාව) 2009.10.10 2009.11.05 2014.11.05
08 නැගෙනහිර පළාත් සභාව මැතිවරණයක් පවත්වා නැත    

නිල කාලය අවසන් පළාත් සභා සහ දැනට ක්‍රියාත්මක පළාත් සභා

අනු අංකය පළාත් සභාව                                                                                 මැතිවරණ පැවැත් වූ දිනය   පළමු රැස්වීම පැවැත්වූ දිනය    නිල කාලය අවසන් වියයුතු දිනය   ක්‍රියාත්මක පළාත් සභා
01 වයඹ පළාත් සභාව (හයවන පළාත් සභාව) 
2013.09.21 2013.10.09 2018.10.10  
02 උතුරු මැද පළාත් සභාව (හයවන පළාත් සභාව) 2012.09.08 2012.10.02 2017.10.01  
03 ඌව පළාත් සභාව (හයවන පළාත් සභාව) 2014.09.20 2014.10.09   2019.10.08
04 සබරගමුව පළාත් සභාව (හයවන පළාත් සභාව) 2012.09.08 2012.09.27 2017.09.26  
05 බස්නාහිර පළාත් සභාව (හයවන පළාත් සභාව) 2014.03.29 2014.04.22 2019.04.21  
06 මධ්‍යම පළාත් සභාව (හයවන පළාත් සභාව)  2013.09.21 2013.10.09 2018.10.08  
07 දකුණු පළාත් සභාව (හත්වන පළාත් සභාව) 2014.03.29 2014.04.10 2019.04.09  
07 නැගෙනහිර පළාත් සභාව (දෙවන පළාත් සභාව) 2012.09.08 2012.10.01 2017.09.30  
08 උතුරු පළාත් සභාව (පළමු පළාත් සභාව) 2013.09.21 2013.10.25 2018.10.24