රත්නපුර නගරය සංචාරක ආකර්ෂණයෙන් යුත් නගරයක් බවට පත් කිරීම සදහා කරනු ලබන මුලික අදියරේ සාකච්ඡාවක්, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.02.07 දින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙහිදී රත්නපුර නන්ද එල්ලාවල පිළිරුව අසල උද්‍යානයක්ද, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල අසල ළමා උද්‍යානයක්ද, රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ දැනට පවතින රථවාහන අංගනය නවීකරණය කිරීම සහ නවීන සනීපාරක්ෂක පද්ධතියක් ස්ථාපිත කිරීමද, දැනට ලංකාවේ ප්‍රථම නාගරික වන උද්‍යානය වන පොම්පකැලේ වන උද්‍යානය සදහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කිරීමද මෙහිදී යෝජනා විය.

මේ අවස්ථාවට සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමන් ඇතුළු නිලධාරීන්, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

DSC 0401JPG    DSC 0401JPG   DSC 0401JPG 
         
DSC 0401JPG    DSC 0401JPG