ලෝක බැංකුවේ සහ කේරළ ප්‍රාන්ත ආණ්ඩුවේ ආරාධනය මත කේරළය බලා පිටත්ව ගිය දූත පිරිස ඊයේ අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

කේරළ ප්‍රාන්ත ආණ්ඩුව විසින් සංවිධානය කළ මෙම වැඩමුළුවට සහභාගිවන දූත පිරිසට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඇමතිතුමන්, උතුර, නැගෙනහිර සහ ඌව පළාත් පාලන ආයතනවල ප්‍රධාන ලේකම්වරුන්, කොමසාරිස්වරු ඇතුළුව ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරින් 13න් දෙනෙකු ඇතුළත් වෙනවා.

“කේරළයේ ප්‍රාදේශීය සභාවල කාන්තාවගේ භූමිකාව” යන මැයෙන් පැවැත්වෙන මෙම තෙදින වැඩමුළුවට කේරළයේ ප්‍රාදේශිය දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙනවා.

මෙරට පළාත් පාලන මැතිවරණයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව මැතිවරණ ක්‍රමය සමඟ එන සියයට 25ක අනිවාර්ය කාන්තා නියෝජනය වැඩි කිරීම හරහා මෙරට සංවර්ධන කටයුතු සඳහා කාන්තාවන්ට වැඩි දායකත්වයක් ලබාදීම සම්බන්ධව ද එහිදී දැනුවත් කෙරෙනු ඇති.

කේරළයට පැමිණි අමාත්‍යතුමන් ප්‍රමුඛ දූත පිරිස ඊයේ එහි ප්‍රාදේශිය පරිපාලන ඒකකයේ පැවැත් වූ වැඩමුළුවට සහභාගිවූණා.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව දේශපාලන සහ සංවර්ධන කටයුතු සඳහා කේරළයේ කාන්තා නියෝජනය ඉදිරියෙන් සිටිනවා.

මෙම තෙදින වැඩමුළුවේදී ශ්‍රී ලංකා දූත පිරිස විසින් කේරළ ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලන නායකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට ද නියමිතයි.

ශ්‍රී ලංකා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ කේරළ ආණ්ඩුවේ පළාත් පාලන ආයතනය අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින සහයෝගී ගිවිසුම වර්ධනය කර ගැනීමට ද මෙය අවස්ථාවක් වනු ඇති බවට ලෝක බැංකුව විශ්වාසය පළ කරනවා.

IMG-20171211-WA0004 IMG-20171211-WA0012 IMG-20171211-WA0013