2018 පළාත් පාලන මැතිවරණයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවට මරදාන බහු කොට්ඨාශය සඳහා තරඟ වදින හිටපු නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්න  මහතාට සහාය පල කිරීමේ රැස්වීම් මාලාවක් ගරු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ( 2018.01.11) පැවැත්විය. එහිදී මරදාන 36 වත්ත ජනතාව අමතා කථා කල  අමාත්‍යවරයා ජන්දය ළඟා වන විට ජන්ද දායකයන්ගේ වටිනා ජන්දය මුදලට ලබා ගැනීමේ අරමුණින් ජනතාව හට ගෑස් ලිප්,පොත්පත්,ක්‍රිකට් පිති ,බෝල ලබා දෙන උදවිය දැන් කරලියට පැමිණ ඇති බවත් ඒ අය ලබා දෙන සියළු දේ හැකි තරම් ප්‍රමාණයක් ලබා ගන්නා ලෙසත් මෙය ජන්ද කාලයේදී පමණක් ඇති අවස්ථාවක් බවත් පැවසීය.
එසේ  කියමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජන්දයෙන් පසුවත් පසුගිය අවුරුදු ගණනාවක සිට මෙම ප්‍රදේශයේ ජනතාවගේ දුකට,සැපට,මඟුලට,මළ ගෙදරට නිවෙස් අසල කාණු පද්ධතිය අවහිර වූ විට එය සකස් කිරීමට පවා උදවු කල හිටපු නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්න මහතා තමන්ගේ කෙනෙක් ලෙස සිතා මෙවරත් ඔහුව කොළඹ මහ නගර සභාවට තෝරා පත් කර ගැනීමට ඔබගේ වටිනා ජන්දය බුලත් කොළයට ලබා දෙන ලෙසයි.
ජන්දය ලබා ගැනීමට මිනිසුන් හට මුදල් ලබා දීමට ඕනෑම කෙනෙකුට හැකි නමුත් මිනිසුන් වෙනුවෙන් කැප කිරිම්  කල, කැප කිරීම් කරන නායකයෙකු තෝරා පත් කර ගත යුතුයි.

සමහරුන් අද ආගම විකුණමින් දේශපාලනය කිරීමට  පුරුදු වී ඇති බවත් එහීදී මුස්ලිම් බෝඩ් ලෑලි පෙන්නා සිංහල ජන්දය ලබා ගැනීමටත් කටයුතු  කරන බවයි . නමුත් මැද කොළඹ ජනතාවට  සහෝදරයින් වන අතර මුස්ලිම්,දෙමළ,සිංහල කියා බෙදීමට  අවශ්‍යතාවයක්  නැති බවත් අපට අවශ්‍ය වන්නේ අවංකව ජනතාව වෙත වැඩ කරන ජනතා ප්‍රසාදයක් ඇති මිනිසුන් බවත් ඒ සදහා ප්‍රදේශයේ සුදුසුම නායකත්වය ලෙස සමන් අබේගුණරත්න මහතා පත් කර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ තමන් මැද කොළඹ ආසනයට පැමිණියේ මැද කොළඹ  ජනතාව අතරමඟ හැර දමා යාමට නොවන බවත් පසුගිය කාලයේ එසේ පැමිණි සමහර නායකයින් ජනතාව හැර ගිය බවත් සමහරුන් ජනතාව විසින් එළවා දැමූ බවත්ය .

මම අද අමාත්‍යවරයෙක් වී ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීති විද්‍යාලයට ගොස් හොඳින් ඉගෙන ගෙන අනතුරුව ජනාධිපති නීතිඥයෙකු වී මෙන් පසුව බව පැවසූ අමාත්‍යවරයා ඒ  ආකාරයෙන්ම මැද කොළඹ ජනතාව නිසි අධ්‍යාපනයක් තුලින් ඔවුන්ගේ සමාජ තත්වය ඉහළ දැමීම තමන්ගේ එකම අරමුණ බවත්ය.

පසුගිය වසර 50 ක කාලය තුල මැද කොළඹ දරුවන් හට සිදු වූ අයුරින් අධ්‍යාපනය අතර මගදි හැර දමා ත්‍රීවිල් රථ පැද වීමටත් පදික වේදිකාවේ වෙළඳාම් කිරීමටත් ඉඩ සැලසීමට ෆයිසර් මුස්තෆා සුදානම් නොවන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අද වන විට වැල්ලවත්ත,බම්බලපිටිය, කොල්ලුපිටිය , කුරුදුවත්ත ආදි ප්‍රදේශ වල මාලිඟා වැනි ගෙවල් ගොඩ නැගී ඇති බවත් මැද කොළඹ ජනතාව වතු වලට සීමා කිරීමට තමන් ලැහැස්ති නොවන බවත් ඒ සඳහා  අධ්‍යාපන මට්ටම ඉහළ නංවා උසස් රැකියා ලබා ගැනීමට  සලස්වා ඒ සඳහා අධ්‍යාපන මට්ටම ඉහළ නංවා උසස් රැකියා ලබා ගැනීමට සලස්වා ඒ සඳහා  මිනිසුන්ගේ ජීවන මට්ටම  ඉහළ දැමීමට අවශ්‍ය  වන අතර ඒ සඳහා ජනතාවක් වශයෙන් අපට ද යම් උදවුවක් ජනතාව විසින් කල යුතුව ඇති අතර ඒ සඳහා සමන් අබේගුණරත්න මහතා වැනි අය මෙවර පළාත්  පාලන මැතිවරණයේ දී  නගර සභාවට පත්කර ගැනීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

පසුගිය අවුරුදු 50 ක කාලයකදී එක්සත් ජාතික පක්ෂය කලේ සීනිබෝල ලබා දෙමින් මැද කොළඹ ජනතාව රැවටූ එක පමණක් බවත් එසේ කිරීමට තමන් කටයුතු නොකරන බවත් මාගේ සිහිනය අධ්‍යාපනය තුළින් සමාජ ආර්ථීක  වෙනසක්  මැද කොළඹ ජනතාව හට ඇති කිරීම සඳහායි අමාත්‍යවරයා පැවසීය.

DSC 0064 DSC 0058 DSC 0088
DSC 0061 DSC 0077 DSC 0188