පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමිය පාලම් ඉදිකිරිමේ ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන රත්නපුර දිස්ත්‍රිකයේ පැල්මඩුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකරනු ලබන අලුපොත,පාතකඩ ,හංගමුව, පෑලිමෝදර, කරවිට යන ගම් යා කරන අලුපොත පාලමේ වැඩ, ආරම්භ කිරීම 2023.09.03 දින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

නෙදර්ලන්ත ණය ආධාර යටතේ ක්‍රියාත්මක පෙර සවි පාලම් ව්‍යාපෘතිය මඟින් මෙම පාලම ඉදිකෙරේ. පෙර තිබු අබලන් පාලම් වෙනුවට දිගින් මීටර් 30ක් ද පළල මීටර 6 කින් ද යුත් මෙම පාලම සදහා ඇස්තමේන්තු ගත වියදම මිලියන 50 වේ. මෙමගින් පවුල් 200 ට අධික ප්‍රමාණයකට පමණ ප්‍රතිලාභ අත්වේ.

මේ අවස්ථාවට පැල්මඩුල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් ප්‍රේමරත්න මැතිතුමන්, හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී චන්දිම ධර්මප්‍රිය මහතා ද, සබරගමු පළාත් සභාවේ පළාත් ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ ඉංජිනේරුතුමන් හා ප්‍රදේශීය ඉංජිනේරුතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

DSC 0324JPG     DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0401JPG    DSC 0401JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG