නීතියෙන් අවසර ලැබී ඇති සේවා සැපයීම පළාත් පාලන ආයතන වල වගකීමයි. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව, සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුවල සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ.

පළාත් පාලන ආයතනය විසින් පහත සේවාවන් ක්‍රියාත්මක කරයි.

  • පරිපාලන හා නියාමන සේවා
  • මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය
  • පාරිසරික ආරක්ෂාව
  • පොදු මංමාවත් සහ පොදු සැපයුම්සේවා පවත්වාගෙන යාම

ශ්‍රී ලංකාවට පළාත් පාලනය හා පළාත් පාලන ආයතන සම්බන්ධ දිගු ඉතිහාසයක් පවතී. 1987 දී හඳුන්වා දුන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් පාලන කටයුතු පළාත් සභා යටතට පැවරිණි.මේ අනුව පළාත් පාලන ආයතන වල කටයුතු පාලනය හා අධීක්ෂණය මධ්‍යම රජය වෙතින් පළාත් සභා වෙත පැවරිණි. කෙසේ වුව ද පළාත් පාලන ආයතන හා සම්බන්ධ ව්‍යූහය හා ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය මධ්‍යම රජය යටතේ ම රඳවා ගනු ලැබිණ. කෙසේ වුව ද පළාත් පාලන ආයතන හා සම්බන්ධ ව්‍යූහය හා ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය මධ්‍යම රජය යටතේ ම රඳවා ගනු ලැබිණ.

මහ නගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන පද්ධතිය පාලනය වන්නේ නීති සම්පාදන 3ක් මගිනි.

  • මහ නගර සභා අඥා පනත (1947)
  • නගර සභා අඥා පනත (1939)
  • ප්‍රාදේශීය සභා පනත (1987)

පළාත් පාලන ආයතන සකස් කිරීම (වැඩි විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න)

පළාත් පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති - 2012 - 2014 සදහා ක්‍රියාමාර්ග සැකැස්ම (වැඩි විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න)