ක්‍රියාත්මක ව්‍යාපෘති 

පුරනැගුම

අරමුණ නිදන්ගත වකුගඩු රෝග ව්‍යාප්තව ඇති ප්‍රදේශ තුළ ජල සම්පාදන ව්‍යාපෘති වැඩි දියුණු කිරීම මඟින් රෝග ව්‍යාප්තිය අඩු කිරීම හා පළාත් පාලන ආයතනවල ධාරිතාවය වැඩි කිරීම හා ක්‍රියාකාරකම් ප්‍රති නිර්මාණය මඟින් වඩා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීම.
ණය ආධාර ලබාදෙන ආයතනය ආසියානු සංවර්ධන බැංකුව(ADB), ශ්‍රී ලංකා රජය (GOSL)
ව්‍යාපෘති කාලය 2017 අප්‍රේල් සිට 2021 දෙසැම්බර් දක්වා
ක්‍රියාත්මක ප්‍රදේශ උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව, දකුණ, බස්නාහිර

ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යයන්

  • නිදන්ගත වකුගඩු රෝග නිවාරණය සඳහා පවුල් 40,000කට නව ජල සැපයුම් පහසුකම් සහ දැනට ජලය ලබන පවුල් 60,000ක් සඳහා පිරිසිදු පානීය ජලය නොකඩවා සැපයීම.
  • වඩා හොඳ සේවා සැපයුමක් සඳහා ප්‍රාදේශීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
  • වඩා හොඳ සේවා සැපයුමක් සඳහා ප්‍රාදේශීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
  • නවගත්තේගම සතිපොළ
    නාවුල බහුකාර්ය ගොඩනැගිල්ල

මහකොළඹ අපජල කළමනාකරණ

අරමුණු කොළඹ මහා නගර සභා සීමාව තුළ කාර්යක්ෂම හා අඛන්ඩ ජල සැපයුමක් සහ විධිමත් අපජල සේවාවක් ලබාදීම
අරමුදල් මූලාශ‍්‍රය ආසියානු සංවර්ධන බැංකුව (ADB) , ශ්‍රී ලංකා රජය(GOSL)
ව්‍යාපෘති කාලය 2010 - 2021
ක්‍රියාත්මක ප‍්‍රදේශය කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය

 

සංරචකය 01

කොළඹ මහ නගර සභාව තුල ගැටළු සහගත සහ අරබුදකාරි මල නාලිකා (10km) පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම ඇතුළුව තෝරාගත් මල නාලිකා සඳහා CCTV විමර්ශන දියත් කිරීම, තත්වය පිළිබඳ තක්සේරු වාර්තා ලබා ගැනීම.

සංරචකය 02

පොම්පාගාර ස්ථාන 06 ක් ඉදි කිරීම සහ 02 ක් වැඩිදියුණු කිරීම. කොළඹ මහා නගර සභාවේ ජල අපවහන කොට්ඨාශය වෙත SCADA පද්ධතිය හා සමිබන්ධ කොට නව ප්‍රධාන අධීක්ෂණ ඒකකය පිහිටුවීම. යාන්ත්‍රික හා විද්‍යුත් ක්‍රම ස්ථාපනය කරන ලද වැඩ ඒකකය ඉදිකිරීම සහ පීඩන නලමාර්ග ඉදිකිරීම.

ප්‍රධාන ක්‍රියාකාරකම්:

  • කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙහි අපජල පොම්පාගාර නවීකරණය කිරීම.
  • ධාරිතාවය අඩු හඳුනාගත් අපජලමාර්ග නවීකරණය කිරීම. අපජලය ගැඹුරු මුහුදට මුදාහරිනු ලබන ප්‍රධාන නළ මාර්ගයන් නවීකරණය කිරීම.
  • අපජල පවාහන පද්ධතිය නඩත්තු කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ කොළඹ මහ නගර සභා අපජල පවාහන අංශයට ලබාදීම
  • කොළඹ මහනගරසභාවේ අපජල අංශයේ කාර්යය මණ්ඩලයේ ආයතනික හා හැකියා සංවර්ධනය

අපේක්ෂිත ප්‍රතිලාභ

  • අපජල කළමනාකරණ සේවය වැඩිදියුණු කිරීම මගින් ජීවත්වීමට සුදුසු නාගරික පරිසරයක් නිර්මාණය
  • කොළඹ නගරය තුළ සහ තදාසන්න පෙදෙස්හි ජීවත්වන ජනතාවට සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම තුළින් යහපත් ජීවන තත්ත්වයක් ලබාදීම.
  • සමුද්‍රීය සහ ගොඩබිම් ජලයේ තත්ත්වය උසස් කිරීම

මහකොළඹ අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - (GCWWMIIP)

අරමුණු කොළඹ මහා නගර සභා සීමාව තුළ කාර්යක්ෂම හා අඛන්ඩ ජල සැපයුමක් සහ විධිමත් අපජල සේවාවක් ලබාදීම
අරමුදල් මූලාශ‍්‍රය අදියර - 2 : ආසියානු සංවර්ධන බැංකුව (ADB), ශ්‍රී ලංකා රජය(GOSL), යුරෝපා ආයෝජන බැංකුව (EIB)
අදියර - 3: ආසියානු සංවර්ධන බැංකුව (ADB), යුරෝපා ආයෝජන බැංකුව (EIB)
ව්‍යාපෘති කාලය

අදියර 2: 2016 - 2020
අදියර 3: 2016 - 2022

ක්‍රියාත්මක ප‍්‍රදේශය කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය

කොළඹ මහා නගර සභා සීමාව තුළ කාර්යක්ෂම හා අඛණ්ඩ ජල සැපයුමක් සහ විධිමත් අපජල සේවාවක් ලබාදීම මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණ වැඩිදියුණුකිරීමේ ආයෝජන වැඩසටහනේ අපේක්ෂාවයි.

ආසියානු සංවර්ධන බැංකුවේ බහු කාර්යය සංවර්ධන ආයෝජන වැඩසටහන යටතේ දැනට ක්‍රියාත්මක වෙමින්ප වතින කොළඹ අපජල පවාහන පද්ධති‍යේ අලූ‍ත්වැඩියා කටයුතු ඉදිරියට සිදු කිරීමට හා කොළඹ ප්‍රදේශයේ ජල හා අපජල පහසුකම් වැඩිදියුණු කිරීමට සැපයෙන මුල්‍ය ප්‍රතිපාදන මගින් කොළඹ දකුණ ප්‍රදේශයේ ඉදිරි නව සංවර්ධන කටයුතුවලට සරිලන පරිදි අපජල පවාහන පද්ධති‍යක් ස්ථාපිත කිරීම, දැනට අපජල පහසුකම් නොලබන ප්‍රදේශ සඳහා අපජල පවාහන පද්ධති‍යක් ස්ථාපිත කිරීම සහ අපජලය මුහුදට මුදා හැරීමට පෙර පිරිපහදු කිරීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ශ්‍රි ලංකා රජය මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල්වලට අමතරව පරිපූරක අරමුදලක් යුරෝපානු ආයෝජන බැංකුවෙන් ලබා ගැනීමට අපේක්ෂා කරයි.

ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය

අරමුණු
  • ජාතික ආර්ථික වර්ධනය අරමුණු කර ගනිමින් ග්‍රාමීය ජනතාවගේ ගමනාගමන පහසුව සහ ජීවන තත්වයේ ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම
  • ග්‍රාමීය ජනතාවගේ පොදු සුරක්ෂිත බව වර්ධනය කිරීම
  • ග්‍රාමීය ප්‍රදේශවල මෙතෙක් භාවිතයට නොගත් සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම
  • පහසු ප්‍රවේශ සැපයීම තුළින් හුදෙකලා ප්‍රදේශවල සංවර්ධනය ඉහළ නැංවීම
ණය ආධාර ලබාදෙන ආයතනය
  • Stage I - එක්සත් රාජධානිය
  • Stage II - එක්සත් රාජධානිය
  • Stage III - නෙදර්ලන්තය
ව්‍යාපෘති කාලය
  • Stage I : 2013 - 2015
  • Stage II : 2014 - 2021
  • Stage III: 2014 - 2021
ක්‍රියාත්මක ප්‍රදේශ සමස්ත දිවයින පුරා

මෙම ව්‍යාපෘතිය අදියර I (පාලම් 210 ක්), අදියර II (පාලම් 868 ක්) සහ අදියර III (පාලම් 720 ක්) ලෙසින් මුළු පාලම් 1,798 ක් සමස්ත දිවයින පුරා ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතිය 2013 වර්ෂයේ ආරම්භ කරන ලද අතර එහි පළමු අදියරේ පාලම් 210 ක් 2016 වර්ෂය වන විට නිමකළ අතර ඒ සඳහා දරණ ලද සමස්ත මූල්‍ය පිරිවැය රු. මිලියන 7,372.87 කි. මෙම ව්‍යාපෘතියේ II සහ III අදියර සහ එහි දිගු යටතේ සිදුකෙරමින් පවතින පාලම් වල ප්‍රගතිය පහත දක්වා ඇත.

පෙර පසු
කූරගම්මන හා පොලගම පාලම-මොනරාගල-බිබිල


පෙර

පසු
හඳුගල ජබරකැටිය හරස් පාළම

ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා ඒකක සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය (PSSP)

අරමුදල් මූලාශ‍්‍රය ලෝක බැංකුව (WB), ශ්‍රී ලංකා රජය (GOSL)
ව්‍යාපෘති කාලය 2018 ජුනි සිට 2023 දෙසැම්බර් දක්වා
ක්‍රියාත්මක ප‍්‍රදේශය සියළුම පළාත් ආවරණය කරමින් රට පුරා ක්‍රියාත්මක වේ

 

ව්‍යාපෘති පසුබිම

ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා ඒකක සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් වන ලෝක බැංකු ණය ආධාර යටතේ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සහ මෙම අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වන අතර, මෙම ව්‍යාපෘතිය 2018 වර්ෂයේ සිට 2023 වර්ෂයේ දෙසැම්බර් මස දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම ගුණාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් සැපයීමට අවශ්‍ය ප්‍රවේශයන් හා යටිතල පහසුකම් නගා සිටුවීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ම හා එම කාර්යයයන් මනා අධීක්ෂණයකට හා සම්බන්ධීකරණයට ලක් කිරීම මෙම අමාත්‍යාංශයේ පුමුඛ කාර්යයක් වන අතර, එමගින් ප්‍රාථමික සෞඛ්‍ය වැඩි දියුණු කොට එහි ප්‍රාදේශීය මට්ටමින් ඇති විෂමතාව අවමකිරීම අමාත්‍යාංශයේ අරමුණු අතර ප්‍රධාන වේ.

ව්‍යාපෘති සංවර්ධන අරමුණ (PDO)

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව වර්ධනය කරමින් බෝනොවන රෝග අවධානම් ඇති ජන සංඛ්‍යාව හදුනාගෙන එම රෝග පාලනය කිරීම හා කළමානකාරණය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

ව්‍යාපාතියට සමගාමීව සිදුවන ප්‍රතිසංවිධානයන් හා සවිබල ගැන්වීම්

  • ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම පදිංචිය අනුව ප්‍රාථමික වෛද්‍ය ආයතනයකට අනුයුක්ත කොට ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබා දීම
  • සෑම වැඩිහිටියෙකුටම පෞද්ගලික සෞඛ්‍ය වාර්ථාවක් ලබා දීම
  • සියලු ප්‍රාථමික මට්ටමේ රෝහල් මගින් හදුනාගත් අත්‍යාවශ්‍ය පැකේජයක් ලබා දීම
  • එම සේවාවන් සෑම ආයතනයකින්ම සමලෙස ලබා දීම සදහා සේවා ප්‍රමිතීන්, සේවා කොන්දේසි හා විධිමත් චර්යාවන්ගෙන් යුත් මූල ලේඛයන් (protocol) හදුන්වා දීම.
  • සුව දිවි සේවාවන් හදුන්වා දීම
  • ග්‍රාමීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් අතර මනා සමෝධානයක් පවත්වා ගැනීම
  • ඉහළ සත්කාර මට්ටම් සදහා යොමුකිරීම විධිමත් කිරීම
  • ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සදහා මූල්‍ය ප්‍රතිපාදන වැඩිකිරීම
  • ඖෂධ උපකරණ ඇතුළු සේවා සැපයුම් ජාලා ශක්තිමත් කිරීම
  • අවධානම් සාධක හදුනාගැනීමේ රසායනාගාර තාක්ෂණික සේවා පුලුල් කිරීම
  • මෙම සේවාවන් සදහා පුරවැසි සහභාගීත්වය පුළුල් කිරීම

සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය (GEM)

අරමුණු සාමාන්‍ය අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවය වැඩිදියුණුකිරීම සහ කළමනාකාරීත්වය ශක්තිමත් කිරීම
ණය ආධාර ලබාදෙන ආයතනය ලෝක බැංකුව (WB), ශ්‍රී ලංකා රජය (GOSL)
ව්‍යාපෘති කාලය 2018 අප්‍රේල් සිට 2024 ජූනි මස දක්වා
ක්‍රියාත්මක ප්‍රදේශ සියළුම පළාත් සභා ආවරණය කරමින් රට පුරා ක්‍රියාත්මක වේ

ව්‍යාපෘති කාර්යභාරය

ලෝක බැංකු අධාර මඟින් ක්‍රියාත්මක කරනු ලබන සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතියෙහි අරමුණ වන්නේ ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවය වැඩිදියුණුකිරීම සහ කළමනාකාරීත්වය ශක්තිමත් කිරීමයි. ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අංශ සංවර්ධන රාමු වැඩසටහන අනුව මෙම ව්‍යාපෘතියේ සංරචක නිර්මාණය වී තිබේ. ව්‍යාපෘතිය සතුව සංරචක තුනක් පවතියි. එනම්;

1 වන සංරචකය

ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවය වැඩිදියුණුකිරීම සහ කළමනාකාරීත්වය ශක්තිමත් කිරීමේ අරමුණ වන්නේ ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවය වැඩිදියුණුකිරීම සහ කළමනාකාරීත්වය ශක්තිමත් කිරීම සඳහා සිදුකරනු ලබන පහත සඳහන් කටයුතු ක්‍රියාත්මක කිරීමයි.

  1. විෂය නිර්දේශ නව්‍යකරණය සහ විවිධාංගීකරණය
  2. ගුරුවරුන් සංවර්ධනය කිරීම
  3. පද්ධති මට්ට‌ෙම් තත්ත්ව තක්සේරුව
  4. පාසල් සංවර්ධනය සඳහා වැඩිදියුණු කළ වැඩසටහන
  5. අධ්‍යාපන නායකත්වය සහ කළමනාකරණය ශක්තිමත් කිරීම
  6. අධ්‍යාපනය තුළින් සමාජ සමානාත්මතාවය සහ අන්තර්ගතකරණය වර්ධනය කිරීම

2 වන සංරචකය

ව්‍යාපෘති මෙහෙයුම් සහ තාක්ෂණික සහාය ලබාදීම

3 වන සංරචකය

අවිනිශ්චිත හදිසි ප්‍රතිචාර දැක්වීම

ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභීන්

මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධානතම ප්‍රතිලාභීන් වන්නේ පාසල් දරුවන්ය. මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන තවත් වැදගත් පාර්ශවයක් වන්නේ පාසල්වල අධ්‍යයන සහ කළමනාකරණ කාර්ය මණ්ඩලයයි. මීට අමතරව මධ්‍ය කාලින වශයෙන් මෙම ව්‍යාපෘතිය මඟින් ලැබෙන ප්‍රතිලාභ ඔස්සේ තාක්ෂණික අධ්‍යාපන , වෘත්තීය පුහුණු ආයතන සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන සඳහා මනා ලෙස සූදානම් කළ සිසුන් ඇතුළත් වේ. දීර්ඝ කාලීන වශයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවා යෝජකයන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලද පුද්ගලයන් සේවයේ යෙදවීමට හැකි වන බැවින් ‌ෙමම ව්‍යාපෘතිය මඟින් එම අංශ වෙත දීර්ඝ කාලීන ප්‍රතිලාභ හිමි වේ. අවසන් වශයෙන් ව්‍යාපෘතිය යටතේ භාණ්ඩ හා සේවා සපයන කර්මාන්ත හා ව්‍යාපාරික ආයතන වෙත ද මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රතිලාභ හිමි වේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ පළාත් සභා විසිනි. ව්‍යාපෘතියෙහි පළාත් සංරචකය සඳහා සම්බන්ධීකරණ කටයුතු ඉටු කරනු ලබන්නේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසිනි.

නැගී එන ප්‍රදේශවල ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය(RIDEP)

අරමුණු උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල, ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා ප්‍රමාණ වාරිමාර්ග සහ පානීය ජල සම්පාදන පහසුකම් වැනි මූලික යටිතල පහසුකම් මගින් එම පළාත්වල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ එමගින් ග්‍රාමීය ආර්ථීක සංවර්ධනය සඳහා දායකවීම සහ ප්‍රාදේශීය විෂමතා අවම කිරීම.
ණය ආධාර ලබාදෙන ආයතනය ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA), ශ්‍රී ලංකා රජය (GOSL)
ව්‍යාපෘති කාලය 2017 - 2023
ක්‍රියාත්මක ප්‍රදේශ උතුරු පළාත, උතුරු මැද පළාත,ඌව පළාත සහ නැගෙනහිර පළාත

ව්‍යාපෘති ක්‍රියාකාරකම්

  • උප ව්‍යාපෘති - 524
  • ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය - 275
  • වාර්මාර්ග පහසුකම් ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණය - 151
  • පානීය ජල සම්පාදනය - 98

ව්‍යාපෘති ප්‍රදේශ තෝරාගැනීමේදී පදනම් කරගත් නිර්ණායක

පළාත් මට්ටමින් දළ දේශිය නිෂ්පාදනයට දක්වන දායකත්ව මට්ටම (GDP Share index) ප්‍රාදේශිය සභා/පළාත් පාළන ආයතන බලප්‍රදේශවල දරිද්‍රතා මට්ටම

පළාත් මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (TCAMP)

ණය ආධාර ලබාදෙන ආයතනය ලෝක බැංකුව (WB), ශ්‍රී ලංකා රජය (GOSL)
ව්‍යාපෘති කාලය 2019 මැයි සිට 2023 ජූනි දක්වා
ක්‍රියාත්මක ප්‍රදේශ සියළුම පළාත් ආවරණය කරමින් රට පුරා ක්‍රියාත්මක වේ

හැඳින්වීම

මෙම ව්‍යාපෘතිය මූලික වශයෙන් ලෝක බැංකු ණය යටතේ 2016 වර්ෂයේදී, ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජා ඇල හලාවත මාර්ගයේ කිලෝමීටර් 52 ක් පුනරුත්ථාපනය සඳහා ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 125 ක මුදල, එකී ව්‍යාපෘතියේ යෝජිත කටයුතු වෙනුවෙන් 2018 වර්ෂය තෙක්ම වියදම් නොවීම හේතුවෙන්, ව්‍යාපෘති ප්‍රතිව්‍යුහගත කිරිමකින් අනතුරුව ශ්‍රී ලංකාවේ පළාත් 9 සදහා එම පළාත් වලින් තෝරාගත් මාර්ග පුනරුත්ථාපනය වෙනුවෙන් යොදාගැනීමට ගත් තීරණයකට අනුව එකී මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 109 ක් ප්‍රවාහන සම්බන්ධතා සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා වැය කිරීමටත් අදාළ ව්‍යාපෘති ප්‍රතිව්‍යුහගත කිරීමේ ලියවිල්ලට අදාලව ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමටත් අදහස් කොට ඇත.

ඒ අනුව සෑම පළාතක් වෙනුවෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් එම තෝරාගත් පළාත් මාර්ග සංවර්ධනය වෙනුවෙන් ලබා දෙනු ඇත.

සුදුසු මාර්ග තෝරා ගැනීම සඳහා භාවිතා කරන නිර්ණායකයන් :

පොදු පහසුකම් සඳහා ලඟාවිය හැකි බව, කෘෂි කාර්මික නිමවුම් සහ යෙදවුම් ප්‍රවාහනයට පසසුකම් සැලසීම, අන්තර් පළාත් මාර්ග ජාලය හා සම්බන්ධ විය හැකි බව, බස් ගමන් කරන මාර්ගයක් වීම, පාසල්, සෞඛය වැනි විෂයයක් හා රජයේ ආයතනවලට සම්බන්ධ වීම, සංචාරක කටයුතුවලට භාවිතා කළ හැකි වීම, කාර්මික ජනපද / ආයෝජන කලාප සඳහා ප්‍රයෝජනවත් වීම, ආර්ථීක මධ්‍යස්ථාන සඳහා ළඟාවිය හැකි බව, ආපදාවක දී විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළ හැකි වීම හා වාහන තද බදය අඩු කිරීමට උපයෝගී වීම

කෙසේ වෙතත් පවතින මාර්ග පුළුල් කිරීම හෝ ඊට අදාලව දේපොළ පවරා ගැනීම මෙම පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කරනු නොලැබේ

ප්‍රවාහන සම්බන්ධතා සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙහිලා මෙම අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් පිහිටුවා ඇති අතර, පළාත් තුල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකක සහ එම කටයුතු අධීක්ෂණය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශන ඒකකයක් බැගින් පිහිටුවා ඇත.

මෙම ඒකක සඳහා පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තු සහ මාර්ග සංවර්ධන අධිකාරියේ දැනට සේවය කරන නිලධාරීන් මෙන්ම ඉන් පරිබාහිර නිලධාරීන් ද අදාල බඳවා ගැනීම ක්‍රමවේදයන්ට අනුකුල වන සේ බඳවා ගෙන ඇත.

අදාල තෝරාගත් මාර්ග අදියර දෙකකින්ද සැම අදියරක් සඳහා පියවර දෙකකින්ද සමන්විත වන පරිදි කොන්ත්‍රාත් පැකේජයන් සකස් කොට සියලුම පළාත් ආවරණය වෙන පරිදි පෙළ ගස්වා ඒ අනුව සංවර්ධනය කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP)

ව්‍යාපෘති අරමුණ පළාත් පාලන ආයතනවල හැකියාවන් ශක්තිමත් කිරීම හා එම ප්‍රදේශවල ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් වගකීමෙන් හා වගවීමෙන් යුතු පළාත් පාලන සේවාවක් මහජනතාවට සැපයීම.
ණය ආධාර ලබාදෙන ආයතනය ලෝක බැංකුව (WB), යුරෝපා සංගමය (EU), ශ්‍රී ලංකා රජය (GOSL)
ව්‍යාපෘති කාලය 2019 ජුනි සිට 2022 දෙසැම්බර් දක්වා
ක්‍රියාත්මක ප්‍රදේශ උතුර, නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත් සභා

හැඳින්වීම

පළාත් පාලන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වූ උතුරු නැගෙනහිර පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (NELSIP) 2017 වසරේ අවසන් වීමත් සමඟ එමගින් පළාත් පාලන ක්ෂේත්‍රයට ලබා දුන් ප්‍රතිඵල මත “ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය” තව දුරටත් පළාත් පාලන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව 2018 වසරේ සිට මූලික කටයුතු ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් ලෝක බැංකු සහන ණය ආධාරයක් ලබා ගැනීමට ලෝක බැංකුව හා රජය අතර ව්‍යාපෘති ගිවිසුම 2019 .05.14 දින අත්සන් කළ අතර, 2019.06.30 දින සිට ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබයි. එහි ව්‍යාපෘති ක්‍රියාකාරකම් අදාළ පළාත් සභා හරහා සිදු කරනු ලබන අතර ඒ ඒ පළාත් පාලන ආයතන විසින් උප ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ. එම නිසා ව්‍යාපෘති කළමනාකරණ කටයුතු සඳහා ව්‍යාපෘති සම්බන්ධීකරණ ඒකකය මෙම අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකක 4 ක් අදාළ පළාත් සභා තුළ ස්ථාපිත කර ඇත.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ

මෙම ව්‍යාපාතිය මඟින් උතුර, නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත් වල සියළුම දිස්ත්‍රික්ක හා පළාත් පාලන ආයතන ආවරණය කෙරේ. ඒ අනුව පළාත් 4ක්, දිස්ත්‍රික් 12ක් හා පළාත් පාලන ආයතන 134ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කළ හැකි උප ව්‍යාපෘති

ග්‍රාමීය මාර්ග, ග්‍රාමීය පාලම්/ බෝක්කු, ග්‍රාමීය සතිපොළ/ වෙළඳ මධ්‍යස්ථාන, අපජල පවාහන පද්ධති, සෞඛ්‍ය මධ්‍යස්ථාන, ළමා උද්‍යාන, පෙර පාසල්, පොදු රථගාල්, බහුකාර්ය ගොඩනැගිලි, පානීය ජල සම්පාදන ව්‍යාපෘති සහ පළාත් පාලන විෂයයට වැටෙන ප්‍රතිඵලදායී ව්‍යාපෘති.

ව්‍යාපෘති සංරචක

මෙම ව්‍යාපෘතිය ප්‍රධාන සංරචක 5කින් සමන්විත වේ. ඒවා පළාත් පලාන සැලසුම් ක්‍රමවේදය ශක්තිමත් කිරීම, පළාත් පාලන සේවා හා ආර්ථික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ආයතනික සංවර්ධනය, ව්‍යාපෘති කළමනාකරණය හා හදිසි අවස්ථා ප්‍රතිචාර ලෙස හැඳින්විය හැක.

සංරචක ක්‍රියාත්මක වන ආකාරය

  • පළාත් පාලන සැලසුම් ක්‍රමවේදය ශක්තිමත් කිරීම. - මෙම සංරචකය යටතේ පළාත් පාලන ආයතනය සඳහා සිව් අවුරුදු සහභාගිත්ව සංවර්ධන සැලැස්මක් සකස් කරනු ලැබේ. මේ සඳහා පළාත් පාලන කොට්ඨාශ මට්ටමේ අවශ්‍යතා හඳුනා ගැනීමක් ජනතාව, නිලධාරීන් හා දේශපාලන අධිකාරිය යන තුන් පාර්ශවයන් සම්බන්ධ වීමෙන් සිදු කරනු ලැබේ. එම කොට්ඨාශ අවශ්‍යතා තක්සේරුව යොදා ගනිමින් පළාත් පාලන ආයතන සංවර්ධන සැලැස්ම සකස් කරයි. මෙම සැලසුම් වාර්ෂිකව යාවත්කාලීන කරනු ලබයි.
  • පළාත් පාලන සේවා හා ආර්ථික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම. - මෙම සංරචකය මඟින් පළාත් පාලන ආයතන සඳහා අරමුදල් අදාළ පළාත් සභා හරහා නිකුත් කරයි. එම අරමුදල් යොදා ගනිමින් ඉහත සංරචකය යටතේ හඳුනාගත් ප්‍රමුඛ උප ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ. මේ සඳහා වර්ෂයේ අවස්ථා 2කදී එනම්, මාර්තු හා සැප්තැම්බර් මාසවලදී අරමුදල් ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා නිශ්චිත ක්‍රමවේදයකට අනුව නිදහස් කෙරේ. ඊට අමතරව හඳුනා ගන්නා ලද ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා එක් එක් පළාත් වලට රු.මි. 360ක් පමණ මුදලක් මෙම සංරචකය යටතේ ලබා දෙනු ලැබේ.
  • ආයතනික සංවර්ධනය - මානව සම්පත් හා භෞතික සම්පත් වල ධාරිතා සංවර්ධනය මුලික වශයෙන් මෙම සංරචකය යටතේ සිදු කරයි. ඒ අනුව පළාත් පාලන ආයතන මට්ටමින්, දිස්ත්‍රික්, පළාත් හා ජාතික මට්ටමේ ධාරිතා සංවර්ධන පුහුණු හා ආයතනික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. විශේෂයෙන් සැලසුම්කරණය, ප්‍රසම්පාදන, මූල්‍ය, සමාජීය හා පාරිසරික, දුක් ගැනවිලි සමතකරණය, ඉංජිනේරු, තාක්ෂණික වැනි ක්ෂේත්‍ර ඔස්සේ විවිධ ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
  • ව්‍යාපෘති කළමනාකරණය - මේ යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසාලීම සහ විගණනය කටයුතුද සිදු කරනු ලබයි.
  • හදිසි අවශ්‍යතා ප්‍රතිචාර - මෙම සංරචකය මඟින් හදිසි අවස්ථා, වසංගත තතත්වයන් සහ ගංවතුර, නියඟයන් වැනි ස්වාභාවික උවදුරු වලදී සුදුසු පරිදි අරමුදල් සැපයීම සිදු කරයි.
  •  

අවසන් වී ඇති ව්‍යාපෘති 

හදිසි ආපදා ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - අදියර III

අරමුණ

උතුරු හා නැගෙනහිර පළාත්වල ගොඩනැගිලි පහසුකම් අවම පළාත් පාලන ආයතනවල කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම මගින් එම ආයතනවලින් මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවා සැපයීමට හැකියාව ලබාදීම.

පළාත් පාලන ආයතනවලට වැඩි දියුණු කරන ලද ගිනි නිවීමේ යටිතල පහසුකම් ලබාදීම මගින් අනතුරු සහ ආපදා නිසා මහජනතාවට ඇතිවන හානි අවම කරමින් මහජන සුරක්ෂිතතාව තහවුරු කිරීම

ප්‍රධාන ක්‍රියාකාරකම් පළාත් පාලන ආයතන සඳහා ගිනි නිවීමේ යන්ත්‍රෝපකරණ සහ ගිලන් රථ ලබාදීම
ක්‍රියාත්මක ප්‍රදේශය කොළඹ ම.න.ස. , මාතලේ ම.න.ස., යාපනේ ම.න.ස., වවුනියා න.ස. , අම්පාර න.ස. , වවුනියා න.ස.
අරමුදල් මූලාශ්‍රය නෙදර්ලන්ත ණය අරමුදල

ගිනි නිවීමේ ඒකක ස්ථාපිත කිරීම

නෙදර්ලන්ත ණය අරමුදල් මත ක්‍රියාත්මක කර අවසන් කර ඇති හදිසි ආපදා ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර i හා ii යටතේ පළාත් පාලන ආයතන වෙත ලබාදෙන ලද සහායට අමතරව 2016 වසර තුළද මාතලේ මහ නගර සභාව හා වවුනියා නගර සභාව යන පළාත් පාලන ආයතනවලට ගිනිනිවීමේ යන්ත්‍රෝපකරණ ලබාදීමත්, කොළඹ / මාතලේ / යාපනය මහ නගර සභාවලට සහ වවුනියා / අම්පාර නගර සභාවලට ගිලන්රථ ලබාදීමත්, අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් කටයුතු කර ඇත.

ගිනි නිවන රථ හා ගිලන් රථ ඛෙදාදීම සංකේතවත් කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඒවායේ යතුරු භාරදීම 2016 ජූලි මස 22 දින ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි

මෙම අවස්ථාවට සහභාගී වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, ලේකම් කමල් පද්මසිරි යන මහත්වරු ද මෙහි වෙති.

 

උතුරු පළාත් මාර්ග සම්බන්ධිත ව්‍යාපෘතිය (Original)

අරමුණු උතුරු පළාත තුළ වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක දෙකෙහි මාර්ග ජාලය වැඩිදියුණු කිරීම මගින් පළාත තුළ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සහ උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම
ණය ආධාර ලබාදෙන ආයතනය ආසියානු සංවර්ධන බැංකුව
ව්‍යාපෘති කාලය

2010 - 2016

ක්‍රියාත්මක ප්‍රදේශ උතුරු පළාත

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇ.ඩො. මිලියන 173 ක ණය ආධාරයක්දි වයිනේ උතුරු කොටසේ තෝරාගත් ජාතික හා පළාත් මාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා ලබාදී ඇත . එයින් ඇ.ඩො. මිලියන 24.4ක් පළාත් සංරචකය යටතේ උතුරු පළාතේ පළාත් තෝරාගත් මාර්ග කි.මී. 154 පුනරුත්ථාපනය කිරීම සඳහා සහ උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරේ.

ක්‍රියාත්මක කිරීමේ ආයතන

උතුරු පළාතේ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව‍

භෞතික ප්‍රගතිය

මෙම ව්‍යාපෘතියේ පළාත් සංරචකය යටතේ උතුරු පළාතේ මාර්ග කොන්ත්‍රාත් 08ක් සහ ගොඩනැගිලි කොන්ත්‍රාත් 01 පිරිනමා ඇති අතර, එයින් මාර්ග කොන්ත්‍රාත් 06 ක් සහ ගොඩනැගිලි කොන්ත්‍රාත්තුවේ වැඩ නිම කර ඇත. ඉතිරි මාර්ග කොන්ත්‍රාත් 02 හි ඉදිකිරීම් සිදුවෙමින් පවතී.

මහිලන්කුලම-පල්ලමඩු පාර-පාලම් සකස් කිරීම උයිලන්කුලම-මානකුලම්-නනද්දන් පාර බෝක්කු ඉදිකිරීම

මඩුකන්ද-ඊරට්පෙරියකුලම් පාර උයිලන්කුලම-මානකුලම්-නන්ද්දන් පාර බෝක්කු ඉදිකිරීම

හදිසි ආපදා ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - අදියර III

අරමුණ

උතුරු හා නැගෙනහිර පළාත්වල ගොඩනැගිලි පහසුකම් අවම පළාත් පාලන ආයතනවල කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම මගින් එම ආයතනවලින් මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවා සැපයීමට හැකියාව ලබාදීම.

පළාත් පාලන ආයතනවලට වැඩි දියුණු කරන ලද ගිනි නිවීමේ යටිතල පහසුකම් ලබාදීම මගින් අනතුරු සහ ආපදා නිසා මහජනතාවට ඇතිවන හානි අවම කරමින් මහජන සුරක්ෂිතතාව තහවුරු කිරීම

ප්‍රධාන ක්‍රියාකාරකම් පළාත් පාලන ආයතන සඳහා ගිනි නිවීමේ යන්ත්‍රෝපකරණ සහ ගිලන් රථ ලබාදීම
ක්‍රියාත්මක ප්‍රදේශය කොළඹ ම.න.ස. , මාතලේ ම.න.ස., යාපනේ ම.න.ස., වවුනියා න.ස. , අම්පාර න.ස. , වවුනියා න.ස.
අරමුදල් මූලාශ්‍රය නෙදර්ලන්ත ණය අරමුදල

ගිනි නිවීමේ ඒකක ස්ථාපිත කිරීම

නෙදර්ලන්ත ණය අරමුදල් මත ක්‍රියාත්මක කර අවසන් කර ඇති හදිසි ආපදා ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර i හා ii යටතේ පළාත් පාලන ආයතන වෙත ලබාදෙන ලද සහායට අමතරව 2016 වසර තුළද මාතලේ මහ නගර සභාව හා වවුනියා නගර සභාව යන පළාත් පාලන ආයතනවලට ගිනිනිවීමේ යන්ත්‍රෝපකරණ ලබාදීමත්, කොළඹ / මාතලේ / යාපනය මහ නගර සභාවලට සහ වවුනියා / අම්පාර නගර සභාවලට ගිලන්රථ ලබාදීමත්, අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් කටයුතු කර ඇත.

ගිනි නිවන රථ හා ගිලන් රථ ඛෙදාදීම සංකේතවත් කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඒවායේ යතුරු භාරදීම 2016 ජූලි මස 22 දින ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි

මෙම අවස්ථාවට සහභාගී වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, ලේකම් කමල් පද්මසිරි යන මහත්වරු ද මෙහි වෙති.

උතුරු පළාත් මාර්ග සම්බන්ධිත ව්‍යාපෘතිය (අතිරේක ප්‍රතිපාදන)

අරමුණු උතුරු පළාත තුළ කිළිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙහි සහ උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මාර්ග ජාලය වැඩිදියුණු කිරීම මගින් පළාත තුළ අභ්‍යන්තර සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සහ පළාත් මාර්ග සංවර්ධන ආයතනයන් ශක්තිමත් කිරීම.
ණය ආධාර ලබාදෙන ආයතනය ආසියානු සංවර්ධන බැංකුව
ව්‍යාපෘති කාලය

2013 - 2019

ක්‍රියාත්මක ප්‍රදේශ උතුරු සහ උතුරුමැද පළාත

මුල් ව්‍යාපෘතියේ සාර්ථකත්වය පදනම්ව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුව විසින් උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතියට අතිරේක මූල්‍යයයක් ලෙස ඇ.ඩො. මිලියන 68ක ණය ආධාරයක් දිවයිනේ 2016.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය 41 පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය උතුරු කොටසේ තෝරා ගත් ජාතික හා පළාත් මාර්ග පුනරුත්ථාපනය කිරීම සදහා ලබා දී ඇත. එයින් ඇ.ඩො. මිලියන 30 ක් පළාත් සංරචකය යටතේ උතුරු සහ උතුරුමැද පළාත්වල තෝරාගත් පළාත් මාර්ග කි.මී. 125 ක් පුනරුත්ථාපනය කිරීම සදහා සහ උතුරු සහ උතුරුමැද පළාත් මාර්ග ආයතනයන් ශක්තිමත් කිරීම සදහා යොදාගැනීමට කටයුතු කෙරේ.

ක්‍රියාත්මක කිරීමේ ආයතනය

උතුරු පළාතේ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව සහ උතුරුමැද පළාතේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය

භෞතික ප්‍රගතිය

අතිරේක මූල්‍යනය යටතේ උතුරුමැද පළාතේ මාර්ග කොන්ත්‍රාත් 05ක් ද උතුරු පළාතේ මාර්ග කොන්ත්‍රාත් 04 ක් ද පිරිනමා ඇත. එයින් උතුරු මැද පළාතේ කොන්ත්‍රාත් 05 ම නිමකර ඇති අතර, උතුරු පළාතේ කොන්ත්‍රාත් 02ක් නිම කර ඇත. මෙම නිම කරන ලද කොන්ත්‍රාත්තුවල අවුරුදු 05 ක කාලයක් සදහා එම මාර්ග නඩත්තු කටයුතු අදාල කොන්ත්‍රාත්කරුවන් විසින්ම ඉදිරියට කරගෙන යාමට නියමිතව ඇත. උතුරු පළාතේ ඉතිරි කොන්ත්‍රාත් 02 හි ඉදිකිරීම් සිදුවෙමින් පවතී.

කෙන්නඩි පාර ඔඩ්ඩුසුඩාන්-පුදුකුඩිරීප්පු මාතලන් පාර

යාපනය - කිලිනොච්චි ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය

අරමුණු
  • යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජල සැපයුම් සේවා වැඩිදියුණු කිරීම
  • යාපනය මහ නගර සභා සීමාව තුළ ජනතාව සඳහා සනීපාරක්ෂක යටිතල පහසුකම් හා යාපනය අර්ධද්විපයේ ජල සැපයුම් කළමනාකරණ වැඩසටහන් ශක්තිමත් කිරීම
ණය ආධාර ලබාදෙන ආයතනය ආසියානු සංවර්ධන බැංකුව
ව්‍යාපෘති පිරිවැය

2012 - 2017

ක්‍රියාත්මක ප්‍රදේශ කිලිනොච්චිය දිස්ත්‍රික්ක

මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිඵලය වන්නේ පළල් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද ඉරණමඩු ජලාශය හා ඉරණමඩු ජලාශය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද උත්සාන වාරිමාර්ග ක්‍රමය වේ. මේ යටතේ ගොවිපවුල් 10,000කට පමණ ප්‍රතිලාභ සැලසෙන අතර වගා කළ හැකි ප්‍රමාණය හෙක්ටයාර් 8455කි. තිරුවයිආරු උත්සාන වාරිමාර්ග යෝජනා ක්‍රමය යටතේ හෙක්ටයාර් 447ක් වගා කළ හැකි නමුත් යුදගැටුම් සමයේ සිට එය ක්‍රියාත්මක නොවේ. මේ ව්‍යාපෘතිය මගින් යල කන්නයේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය අක්කර 4000කින් පමණ වැඩිකිරීමට හැකිවනු ඇති බවට ගණන් බලා ඇත.

ද්වීතීයික සෞඛ්‍ය අංශික සංවර්ධන ව්‍යාපෘතිය

අරමුණු යපෝෂණය සහ බෝනොවන රෝග සම්බන්ධයෙන් පැනනගින අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමට හැකිවන පරිදි මහජන සෞඛ්‍ය පහසුකම් නංවාලීම
ණය ආධාර ලබාදෙන ආයතනය ලෝක බැංකුව
ව්‍යාපෘති කාලය

2013 - 2018

ක්‍රියාත්මක ප්‍රදේශ සමස්ත දිවයින පුරා

ව්‍යාපෘති කාර්යයන් :

  • බෝනොවන රෝග වැළැක්වීම සහ පාලනය සඳහා කටයුතු කිරීම
  • මාතෘ සහ ළමා සෞඛ්‍ය හා පෝෂණය සඳහා කටයුතු කිරීම
  • බෝවන රෝග වැළැක්වීම සහ පාලනය සඳහා කටයුතු කිරීම
  • සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීම
  • පුහුණු වැඩමුළු, පර්යේෂණ සහ සමීක්ෂණ

උතුරු නැගෙනහිර පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - (NELSIP)

අරමුණු උතුරු, නැගෙනහිර පළාත් සහ ඒවාට යාබදව පිහිටි ඌව, වයඹ හා උතුරුමැද පළාත්වල පළාත් පාලන ආයතනවලට ස්වකීය සේවාවන් හා ප්‍රාදේශීය යටිතල පහසුකම් වගකීම හා වගවීම සහිතව මහජනයා වෙත ලබාදීම සඳහා සහාය වීම
ණය ආධාර ලබාදෙන ආයතන ලෝක බැංකුව, ඕස්ටේලියානු රජය හා ශ්‍රීලංකා රජය
ව්‍යාපෘති කාලය 2012 - 2017
ක්‍රියාත්මක ප්‍රදේශ
  • උතුරු නැගෙනහිර සියලූ‍ පළාත් පාලන ආයතන - 79
  • උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතන - 12
  • ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන - 03
  • වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන - 07

ප්‍රධාන සංරචක

යටිතල සේවා සැපයුම

පළාත් පාලන ආයතන විසින් පවත්වාගෙන යන හා සපයනු ලබන සේවාවන් ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස වැඩිදියුණු කිරීම

වගවීම් ආයතන ගත කිරීම

පළාත් පාලන ආයතනවල වගකීම් තහවුරු කිරීම, පොදු ස්ථාන සඳහා සමාජීය හා තාක්ෂණික විගණන පැවැත්වීම, පොදු ව්‍යාපෘති සැලසුම් කිරීම, පසුවිපරම් කිරීම හා අධීක්ෂණය කිරීම.

ධාරිතා වර්ධනය

ප්‍රාදේශීය සේවා සැපයීම ශක්තිමත් කිරීම හා පළාත් පාලන ආයතන වලට පැවරී ඇති සේවා සැපයීම සඳහා එම ආයතනවල හැකියාව ගොඩනැගීම සහ ඒ සඳහා වූ පළාත් හා ජාතික මට්ටමේ ආයතන වල අධීක්ෂණ ධාරිතාවය ශක්තිමත් කිරීම.

ඇගයීම හා තක්සේරුකරණය

පළාත් පාලනයට අදාල ඵලදායී ප‍්‍රතිපත්ති සැකසීම සඳහා හැකියාව වැඩි දියුණු කර ගැනීම අරමුණු කර ගත් විවිධ විශ්ලේෂණ හා උපදේශන ක‍්‍රියාකාරකම්

ව්‍යාපෘති කළමණාකරණය

ව්‍යාපෘතියේ සුගම ක‍්‍රියාකාරීත්වය සඳහා දෛනික කළමණාකරණ කටයුතුවල නිරත රජයේ හා පළාත් ආයතනවලට අවශ්‍ය උපදේශන සේවා සහ උපකරණ මිලදී ගැනීම සඳහා සහය විම

බුත්තල මහජන පුස්තකාලය ඉදිකිරීම-රු.මි.21.4
ඩෙල්ෆ්ට් දූපත සඳහා මගී ප්‍රවාහන බෝට්ටුවක් ඉදිකිරීම -රු.මි.150


අනුරාධපුර නාගසේන මාවත කාණු පද්ධති ඉදිකිරීම-රු.මි. 39.95 

අම්පාර බස්නැවතුම්පොළ ඉදිකිරීම රු.මි. 280.0

දැනුම් කේන්ද්‍රයේ පදනම ලෙස පාසල් අධ්‍යාපන පද්ධතිය පරිණාමනය කිරීමේ ව්‍යාපෘතිය(TSEP)

අරමුණු දැනුම පාදක කරගත් ආර්ථීක හා සමාජීය සංවර්ධනයේ පදනම ලෙස ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කෙරෙහි වූ ප්‍රවේශය හා එහි ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම
ණය ආධාර ලබාදෙන ආයතනය ලෝක බැංකුව
ව්‍යාපෘති කාලය 2012 - 2017
ක්‍රියාත්මක ප්‍රදේශ සමස්ත දිවයින පුරා

අධ්‍යාපනය යනු රටක සංවර්ධනයේ මුලික පදනමයි. රටක ආර්ථීක හා සමාජීය දියුණුව ළ`ගා කරගත හැක්කේ අධ්‍යාපනය මගිනි. එබැවින් මෙම ව්‍යාපෘතිය මගින් පුරවැසියන් උගතුන් ලෙස බලායනය කිරීම ස`දහා පහසුකම් සැපයීම සිදුකරයි. පාසල් පාදක ගුරු සංවර්ධනය, ද්වීභාෂා අධ්‍යාපනය ඉහල නැංවීම, පාසල් සංවර්ධන කමිටු සහ පාසල් කළමණාකරන කමිටු සියලූ පාසල්වල ඇති කිරීම, රටේ අධ්‍යාපනය සංවර්ධන කිරීම සහ අධ්‍යාපනය කළමණාකරණය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වේ.


ගෘහ ආර්ථීක ඒකකය- ඊරියගොල්ල මහා විද්‍යාලය-යක්විල-වයඹ පළාත

නුවරඑළිය කොට්ටාස අධ්‍යාපන කාර්යාලය - මධ්‍යම පළාත

ඉරණමඩු වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය

අරමුණු වාරිමාර්ග යටිතල පහසුකම් ඵලදායි හා තිරසාර කළමනාකරණයක් සඳහා දියුණු කිරීම සහ ජල හා භූමි ඵලදායිතාවය තිරසාර ලෙස දියුණු කිරීම
ණය ආධාර ලබාදෙන ආයතනය කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල(IFAD)
ව්‍යාපෘති කාලය 2012 - 2017
ක්‍රියාත්මක ප්‍රදේශ උතුරු පළාතේ කිළිනොච්චි දිස්ත්‍රික්කය (වාරිමාර්ග කිලෝමීටර් 390)

ව්‍යාපෘති ක්‍රියාකාරකම්

  • යටිතල පහසුකම් සංවර්ධනය
    • වාර්මාර්ග පුනරුත්ථාපනය
    • අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය
  • නිෂ්පාදනය සහ අලෙවිකරණ කටයුතු ප්‍රවර්ධනය
  • ව්‍යාපෘති කළමනාකරණය
before pro 1
පෙර

පසු

පෙර

පසු