දැක්ම

පළාත් සහ ප්‍රාදේශිය ආණ්ඩුකරණයක් සඳහා බලගැන්වීම

මෙහෙවර

ප්‍රජාවගේ සේවා ඉහළ ගුණාතමකභාවයෙන් සපයන ඵලදායී, සහයෝගීත්ව, නව්‍යකරණ සහ වගවීමෙන් යුතු පළාත් සභා සහ පළාත් පාලන ක්‍රමයක් ඇති කිරීම

කාර්යයන් හා කර්තව්‍යයන් 

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ උපදෙස් හා මගපෙන්වීම මත “රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක්” ඇතිකිරීම සඳහා අදාළ නීති හා අණපනත්වලට අනුකූලව හා පළාත් සභා හා පළාත් පාලන විෂයට අදාළ සේවාවන් ප්‍රාදේශීය මට්ටමෙන් ජනතා කේන්ද්‍රීයව ඉටු කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට සහය වීම, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, බල ගැන්වීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම

සුවිශේෂී ප්‍රමුඛතා

  • රාජ්‍ය නිලධාරී සංකල්පයේ සිට මහජන සේවා සංකල්පය කරා රාජ්‍ය සේවය ගෙන යාම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  • මහජන හිතෛෂී සේවාවක් උදෙසා රාජ්‍ය සේවය තුළ තොරතුරු තාක්ෂණ මෙවලම් උපයෝජනය කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA) සමඟ තාක්ෂණික ධාරිතාවය පුළුල් කිරීම.
  • රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ සේවා ද්විකරණය වැළැක්වීම සඳහා එවැනි අවස්ථා අධ්‍යයනය කොට එම තත්ත්වය වළක්වාලීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දීම.
  • පළාත් පාලන හා පළාත් සභා බල ප්‍රදේශවල ග්‍රාමීය හා දුෂ්කර ගම්වලට මුල්තැන දෙමින් ප්‍රාථමික පාසල්, රෝහල්, මාතෘ නිවාස, වැඩිහිටි හා ළමා නිවාස සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ විශේෂ ව්‍යාපෘති අදාළ ආයතන සමඟ සැලසුම් කර ක්‍රියාත්මක කිරීම.
  • පළාත් සභා හා පළාත් පාලන කෘෂි මාර්ග, ග්‍රාමීය මාර්ග, හා පළාත් මාර්ග ලක්ෂයේ වැඩසටහන හා ජාතික මට්ටමේ මාර්ග පද්ධතියට සම්බන්ධ කෙරෙන අයුරින් සංවර්ධනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරීන් සමඟ සැලසුම් කර ක්‍රියාත්මක කිරීම.

ප්‍රතිපත්ති සහ උපාය මාර්ග

ප්‍රතිපත්තිය

පළාත්වල ස්වයං තිරසරභාවය තහවුරු කරමින් අන්තර් අසමානතා අඩු කිරීම හා දළ දේශීය නිෂ්පාදිතයට පළාත්වලින් සැපයෙන දායකත්වය වර්ධනය කිරීම.

උපාය මාර්ග
  • යහපාලන මූලධර්ම පිළිපදිමින් එක් එක් පළාතේ පවත්නා මානව ප්‍රාග්ධනය හා පාරිසරික සම්පත් කාර්යක්‍ෂම ලෙස ප්‍රයෝජනයට ගනිමින් සෑම පළාතක ම ආදායම් උත්පාදන හැකියාව වර්ධනය කිරීම.
  • සංක්‍රමණ අනුපාතයට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින පළාත්වල එම මට්ටම අවම කිරීම සඳහා වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති හා දීර්ඝකාලීන වැඩසටහන් සම්පාදනය කිරීම සහ හඳුන්වාදීම.
  • රටේ සමස්ත සමාජ-ආර්ථීක සංවර්ධන ක්‍රියාදාමයට දායකවීම සඳහා එක් එක් පළාතේ පවත්නා මානව සම්පත උපයෝගී කරගැනීම තහවුරු කිරීම.
  • බිම් මට්ටමේ ප්‍රජා සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා ප්‍රජා සහභාගීත්වය වර්ධනය කිරීම මගින් පළාත්වල පවතින සම්පත් සජීවීකරණය කිරීම සහ ග්‍රාමීය ප්‍රජාවගේ අගයයන් හා ශක්‍යතාවන් බලාත්මක කිරීම.
  • එක් එක් පළාතේ පවතින ස්වාභාවික සම්පත්වල තිරසර භාවිතය සහතික කරන අතරේ, ආපදා අවදානම් අවම කිරීමේ හා ආපදා අවස්ථාවලට මුහුණ දීමේ ක්‍රියාමාර්ගයන් ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන ක්‍රියාකාරකම්වලට ඒකාබද්ධ කිරීම.
  • මානව සම්පත් සංවර්ධනය සහ විද්‍යාත්මක පදනමක් මත පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීම මගින් ඵලදායී හා කාර්යක්ෂම පළාත් සභා සහ පළාත් පාලන පරිපාලන ක්‍රමයක් සහතික කිරීම.