පළාත් සභා සහ පළෘත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මැතිතුමා මේබව පැවසුවේ ඊයේ විහාර මහා දේවී උද්‍යානය පිටුපස චිත්‍ර ප්‍රදර්ශනය කරන කලාකරුවන් වෙත ස්ථිර ප්‍රදර්ශන කුටි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැගුණු මෙම මානව හිතවාදී ක්‍රියාන්විතය ඇගයීමට ජනාධීපති මෛත්‍රිපාල මහතාද එක්වුණා.

වීදියේ කලාකරුවන් ලෙසින්ද නම් දරන විවෘත අවකාශයේ කලාකරුවන් වෙනුවෙන් ඉදිකරන ලද මෛ ස්ථිර චිත්‍ර ප්‍රදර්ශන කුටි ඔවුන් වෙත පිරිනැමුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ විසින්.

මෙම කලාකරුවන්ගේ සංගමය වන Colombo Street Art Society සාමාජිකයින් විසින් ඔවුන් විසින් අදින ලද ජනාධිපතිතුමාගේ සහ අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ රුව සහිත සිහිවටන පිරිනැමීමද එහිදී සිදුකෙරුණා.

ඊට අමතරව සංචාරක අමාත්‍යංශය විසින් මෙම කලාකරුවන්ගේ තොරතුරු ඇතුළත් පොතක් ද එළි දැක්වීම සිදුකෙරුණා.

මෙම අවස්ථාවට විදේශ තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

මිලේනියම් වසර හෙවත් 2000 වසරේදී  සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සිසුන් සිය අධ්‍යාපන කටයුතුවල පහුසව වෙනුවෙන්, දෛනික වියදම සොයා ගැනීමේ අරමුණින් ආනන්ද කුමාරස්වාමි මාවතේ,( විහාර මහා දේවී උද්‍යානය පිටුපස වැටේ)  සිය කලා නිර්මාණ ප්‍රදර්ශනය කර අලෙවි කිරීම ආරම්භ කරන ලදී.  පසුව 2000 සිට 2005 අතර කාලයේදී  ඩිජිටල් චිත්‍ර ශිල්පය මෙරටට පැමිණිම නිසා එතෙක් ස්වායත්තව කලා නිර්මාණ කළ පිරිසද මෙම විහාර මහා දේවී උද්‍යානය පිටුපසට පැමිණ උද්‍යානයේ වැටේ සිය කලා නිර්මාණ ප්‍රදර්ශනයට එක්වෙනවා. ඒවන විට මෙම පිරිස 40 දෙනෙකුගෙන් සමන්විත වෙනවා.

සීමිත කලාකරුවන් පිරිසක්, සීමිත කලාගාරය ප්‍රමාණයක, සීමිත රසිකයින් පිරිසක් අතර හුවමාරු වුණ මෙම කලාව විහාර මහා දේවී උද්‍යානය පිටුපස ප්‍රදර්ශනය කිරිමත් සමඟ එය සමාජගත වෙනවා. උද්‍යානයේ වැටේ චිත්‍ර ප්‍රදර්ශනයට එක්වන පිරිස වැඩිවන නිසා එය විධිමත් ක්‍රමයකට පවත්වාගෙන යාමේ අරමුණින් 2006 වසරේදී Colombo Street Art Society නමින් සංගමයක් එහි නිර්මාණකරුවන් විසින් ආරම්භ කරනවා.

මේ අතර කාලය මෙසේ ගලායන අතර 2009 වසරේදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මැතිතුමා දිනක් එම ස්ථානයට පැමිණ විහාර මහා දේවී උද්‍යානයේ වැටේ එල්ලමින් සිය නිර්මාණ සමාජගත කරන මෙම පිරිස ස්ථිර කුටි නොමැතිව විඳින දුෂ්කරතාවය සියැසින් දැක ඒ වෙනුවෙන් කඩිනමින් පියවර ගැනීමේ අවශ්‍යතාවය දකිනවා.
එහෙත් ඒ සමඟම සිදුවන දේශපාලන වෙනස්වීම් හේතුවෙන් මෙම කර්තව්‍ය පසුබෑමකට ලක්වුවත් 2016 වසරේ ෆයිසර් මුස්තෆා මැතිතුමා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ නැවතත් විහාර මහා දේවී උද්‍යානය පිටුපස සිය චිත්‍ර ප්‍රදර්ශනය කරන නිර්මාණකරුවන් හමුවීමට පැමිණෙනවා. එහිදී එම කලාකරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සහ ඔවුන් රටේ පිළිගත් කලාකරුවන් පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් නිල හැඳුනුම්පතක් ලබාදීමට කොළඹ මහ නගර සභාවේ ද මැදිහත්වීමෙන් අමාත්‍යතුමන් කටයුතු කරනවා.

කලාකරුවන්ගේ වීදියක් ලෙස සහ මෙම ස්වෝත්සාහයෙන් නැගී සිටීමට වෙර දරන මෙම කලාකරුවන් නිසි ගෞරවය ලබාදීම සහ විහාර මහා දේවී උද්‍යානය පිටුපස වීදය සංචාරක ආකර්ශනීය ප්‍රදේශයක් බවට පත්කිරීමේ අරමුණින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මැතිතුමා සිය පොරොන්දුව යතාර්ථයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම කලාකරුවන් පිරිසට ස්ථිර ප්‍රදර්ශන කුටි නිර්මාණය කිරීමට වහ වහා කටයුතු සම්පාදනය කරන ලදී.

DSC 0615 DSC 0618
DSC 0622 DSC 0628
DSC 0655 DSC 06731