මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ග්‍රාම සේවා වසම් 04 ක් එකතුකර අක්බර් ටවුන් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කඩිනම් විසදුමක් ඉල්ලා එඩේරමුල්ල ජනතා උරුමයන් සුරුකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක්, ප්‍රදේශයේ ජනතාවගේ අත්සනින් යුතු සන්දේශයක් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා වෙත භාරදීම අද දිනයේ දී සිදු කරන ලදි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර ජනතා නියෝජිතයා ලෙස වශයෙන් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ඉල්ලීමට අනුව මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු ගෙන තිබෙන බවත් ඒ අනුව එම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා විසින් ඊයේ දිනයේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර එහි දී අමාත්‍යාංශ කමිටුවක් පත් කිරීමට අනුමැතිය හිමි විය.

ඒ අනුව ප්‍රදේශයේ ආගමික නායකයන් හා නියෝජිතයන් ගේ අදහස් ලබාගෙන අදාළ කමිටු නිර්දේශය ලබා ගනිමින් ඒ පිළිබඳව වන සංශෝධනය වහාම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැමිණ සිටි නියෝජිතයින්ට ප්‍රකාශ කළා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දුරකතනයෙන් ඇමතූ අමාත්‍යවරයා , එම කොට්ඨාශය එඩේරමුල්ල 2 ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාකරන ලදී.  

මෙම ගැටලුව විසදීමට විශේෂ උත්සාහයක් ගැනීම පිළිබදව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අමාත්‍යතුමාට ස්තුතිවන්ත වන බව අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ප්‍රකාශ කල අතර මෙම බල ප්‍රදේශය අක්බර් ටවුන් ලෙස නම් කිරීම තමන් විසින් හෝ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ගත් තීරණයක් නොවන බවත් දිස්ත්‍රික් ලේකම්වරයාගේද නිර්දේශ සහිතව  අශෝක පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අභියාචනා විමර්ශන කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවට ඇතුලත් කර ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කලා.

DSC 0466 DSC 0468