පළාත් පාලන ආයතන සපයන සේවා සඳහා තොරතුරු තාක්ෂණික විසදුම් ලබාදීමේ වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ සියළුම පළාත් පාලන ආයතන සඳහා මාර්ගස්ථ ක්‍රමය ඔස්සේ ගෙවීම් සිදුකිරිමේ මෘදුකාංගය එළිදැක්වීමේ සමාරම්භක උත්සවය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ගරු ලලිත් යු ගමගේ මැතිතුමාගේ හා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.12.23 දින අකුරණ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී සිදු කෙරිනි. මෙම මෘදුකාංගය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ ඒකකයේ නිර්මාණයකි.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගුණතිලක රාජපක්ෂ මැතිතුමන්,මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය, ආණ්ඩුකාර ලේකම්, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශ අතිරේක ලේකම් වරුන්,මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් ඇතුළු පළාත් පාලන සහකාර කොමසාරිස්වරන්, අකුරණ ප්‍රාදේශීය සභා ලේකම්, අකුරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ තවත් නිලධාරිහු සහභාගි වුහ.