වර්ථමානය වන විට සංචාරක ආකර්ෂණය දිනා ඇති නෙළුව ලංකාගම ප්‍රදේශය සහ සිංහරාජ රක්ෂිතය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා නේවාසික පහසුකම් ලබා දීම සදහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත නෙළුව ප්‍රාදේශිය සභාව විසින් ඉදි කරන ලද මෙම සංචාරක මධ්‍යස්ථානයේ පළමු අදියර විවෘත කිරීම පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.01.16 දින සිදු කරන ලදී.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ගරු ආචාර්ය විනී ගමගේ මැතිතුමන්,ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ ගරු කමිටු සභාපති සම්පත් අතුකෝරල මැතිතුමන්, නෙළුව හා තවලම මහජන නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

 

DSC 0401JPG    DSC 0401JPG   DSC 0401JPG 
         
DSC 0401JPG    DSC 0401JPG