2006/44 අතිවිශේෂ ගැසට් පත්‍රය 2017/02/17 දින නිකුත් කරන ලද අතර එය සීමා නිර්ණය පිළිබඳව අභියාචනා සලකා බැලීමට පත්කරන ලද අශෝක පීරිස් මහතා ප්‍රධාන කමිටුව විසින් සකස් කරන ලද සංශෝධිත ගැසට් නිවේදනය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ අංක 31 කොට්ඨාශය අක්බර් ටවුන් යනුවෙන් බහු ආසනයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත. මෙය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරින්, ප්‍රාදේශිය ලේකම්වරයා, දිසාපතිවරයා ප්‍රධාන කමිටු නිර්දේශ මත අශෝක පීරිස් කමිටුව විසින් සකස් කරන ලද අතර එම නිර්දේශ වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට අමාත්‍යංශය භාර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාට නීත්‍යනුකූලව කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව කාරුණිකව දන්වමි.

නමුත් ප්‍රශ්නගත මෙම කොට්ඨාශය පිළිබඳව ඉල්ලීමක් ලද පසු ඒ පිළිබඳව නිර්දේශ අදාළ පාර්ශ්වකරුවන් මඟින් ලබාගෙන නීත්‍යනුකූලව සිදු කිරීමට කටයුතු කළ හැකි බවද තවදුරටත් දන්වා සිටිමි.

එච්.ටී. කමල් පත්මසිරි
ලේකම්,
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය